කෝටි 10ක ඔප්පු 'උරුමය' ට මුවා වෙලා ගසා කාපු සැකකරුවන් දෙදෙනෙක් CIDන් අත්අඩංගුවට

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් 'උරුමය' වැඩසටහන යටතේ ස්ථිර ඔප්පු ලබා දෙන බවට පොරොන්දු වී රුපියල් කෝටි 10 කට ආසන්න මුදලක් වංචා කළ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම වංචාවට සම්බන්ධ යැයි සැකපිට 43 හැවිරිදි කාන්තාවක් (බකමුණ පදිංචිකාරියක්) ඉකුත් 26 වන දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ ඇය කිරිබත්ගොඩ තාවකාලික ලැගුම්හලක පදිංචිව සිට ඇති බවයි.

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

එසේම සිද්ධියට සම්බන්ධ අනෙක් 55 හැවිරිදි සැකකරු (මහරගම පදිංචිකරුවෙක්) ඉකුත් 29 වන දින අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන්.

එසේම ඔහුව කල්මුණ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

මේ අතර විමර්ශන නිලධාරීන් විසින් සැකකරු භාරයේ තිබූ වංචනිකව ලබාගත් මුදලින් රුපියල් ලක්ෂ 20ක් අත්හිටුවීමට ද අධිකරණයෙන් නියෝග ලබා ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) 2024 වසරේදී "උරුමය" වැඩසටහනට මුවා වී, ඔප්පු නොමැති ඉඩම්වලට ස්ථිර ඔප්පු ලබා දෙන බව පවසා මෙම මුදල් වංචාව සහ සාවද්‍ය පරිහරණය සිදුකර ඇති බවට ලද පැමිණිල්ලක් මත අඳාළ විමර්ශන ආරම්භ කර ඇති බව පවසයි.

මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගත් නඩුවට කෙහෙළිය පවුලට දින

මිලියන 97කට ආසන්න වත්කම් සහ දේපොළ අයථා ලෙස අත්පත් කර ගත් නඩුවට කෙහෙළිය පවුලට දින

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?