BYD රථ අවුලට ජෝන් කීල්ස් වෙතින් අලුත් විකල්ප යෝජනා ටික මෙන්න

Report

BYD විද්‍යුත් වාහනවල (EVs) බලයලත් බෙදාහරින්නා වන John Keells CG Auto (JKCG)  සමාගම, රේගුව විසින් රඳවාගෙන ඇති EV රථ තොගය පිළිබඳ නවතම නිවේදනයක් නිකුත් කර ඇත. මේ හා සම්බන්ධව මතුවු රේගු ගැටලුව අභියාචනාධිකරණය හමුවේ පවතියි.

ජෝන් කීල්ස් සමාගම කියා සිටින්නේ එම වාහන කඩිනමින් නිදහස් කර ගැනීම උත්සහ දරමින් සිටින බවයි.

රඳවාගත් රථ මාදිලි ජාත්‍යන්තරව පිළිගත් ස්වාධීන පරීක්ෂණාගාරයකදී පරීක්ෂා කිරීමට තමන්ගේ සම්පූර්ණ සහයෝගය ලබා දීමට සූදානම් බව ජෝන් කීල්ස් සමාගම අවධාරණය කර ඇත.

දිගින් දිගටම පවතින මෙම ප්‍රමාදය හේතුවෙන් සමාගම විශේෂ විකල්ප තුනක් පිරිනමා ඇත . ඒ 2025 සැප්තැම්බර් 11 ට පෙර රථ වෙන්කරගත් පාරිභෝගිකයින් සදහා වේ .

ඒ අතරට වට්ටම් සහිතව BYD SEALION 5 මාදිලියට මාරුවීම, නැතහොත් 2025 ඔක්තෝබර් 10 ට පෙර තහවුරු කළහොත් පොලිය සමඟ සම්පූර්ණ මුදල් ආපසු ලබා ගැනීම හෝ ගැටලුව විසඳන තෙක් මුදල් වෙන් කිරීම තබා ගැනීම යන විකල්ප‍යන් එහි ඇතුළත් වේ.

 නව විද්‍යුත් වාහන ඇණවුම් සඳහා අත්තිකාරම් ගෙවීම් නොමැතිව කටයුතු කිරීමට සමාගම තීරණය කර ඇත.

එ වගේම දැනටත් සිටින සියලුම EV සහ PHEV පාරිභෝගිකයන් සඳහා වගකීම් සහ අලෙවියෙන් පසු සේවා නොකඩවා ලබා දෙන බවටද ජෝන් කීල්ස් සාමගම විසින් සහතික වී තිබේ. 

සුජීව සේනසිංහගේ V8 නඩුව වසරකින් කල් තැබීමට නියෝග

සුජීව සේනසිංහගේ V8 නඩුව වසරකින් කල් තැබීමට නියෝග

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්

අද සිට අහෝසි බදු ක්‍රමයක් ගැන මෙන්න විශේෂ නිවේදනයක්