මෙහෙම නැතුව ආයේ කඩවල්වලින් ෂොපින් බෑග් දෙන් නැහැ,අලුත් නීතියක් මෙන්න

Report

ෂොපිං බෑග් වැනි පොලිතින් මලු හේතුවෙන් දෛනිකව සිදුවන පරිසර දුෂණය අධික වේ.එම නිසාම පරිසර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගැනීමට සූදානම් වේ.

ඒ අනුව ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන් අද (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් ඒවා භාවිත කිරීම අවම කිරීමේ වැඩපිලිවෙලක් සකස් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදු කෙරුණා.

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

වහාම සරත් ෆොන්සේකා සහ ශවේන්ද්‍ර සිල්වා අත්අඩංගුවට ගන්න අවසන් සටනේ සුදුකොඩි අරන් යටත් උන අයට මොකද වුණේ?

මෙම නඩුකරයට අදාළව පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මෝසමක් අද අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

ආයේ බෑ කියන්න බෑ යන්නම වෙනවා,ගුරු,විදුහල්පති මාරුවීම් ගැන අගමැතිනියගෙන් දැනුම් දීමක්

සුපිරි වෙළෙඳසැල් ඇතුළු වෙළඳ ආයතනවලින් පාරිභෝගිකයින්ට නිකුත් කරනු ලබන ෂොපිං මලු භාවිතය අවම කිරීම සඳහා ඒ මත කිසියම් බද්දක් පැනවීමට කටයුතු කරන බවට පරිසර අමාත්‍යවරයා විසින් 2024 වසරේ මාර්තු මස 28 වනදා පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට එකඟතාවයක් පළ කර තිබු බව එම මෝසමේ සඳහන් කර තිබුණා.

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්