කැරොලයින් සමඟ කිරුළ ගැලවූ චූලා හදිසියේම සීඅයිඩියට කැදවයි. "අපි ජනාධිපතිගේ මිනිස්සු" කියා චූලා කියලා (PHOTOS)

Srilanka caroline jurie chuula padmendra
By Sithumi Oct 02, 2021 11:57 AM GMT
Sithumi

Sithumi

Report

පසුගිය දා ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ බෝම්බ බියක් ගැන පුවතක් නිසා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමකටද ලක්වූ ඊනිව්ස් වෙබ් අඩවියේ කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියා තමන් හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීම සඳහා තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බව පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කිරුළු ගැලවීමට සම්බන්ධ නිරූපණ ශිල්පිනී චුල්පත්මේන්ද්‍ර කුමාරපතිරණ දන්වා සිටියාය. .

  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.ඇය කියා සිටියේ තමන් කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව පෞද්ගලිකව නොහඳුනන බවත් නෙළුම් පොකුණේ ඇතිවූ කිරුලු ගැළවීමේ සිද්ධිය පිළිබඳව දැන ගැනීමට ඔහු තමන් සමග දුරකතනයෙන් කතාබහ කර ස්වකීය වෙබ් අඩවියට පුවතක් රචනා කරන ලද බවයි. 

      එලෙස සිද්ධියක් ගැන තොරතුරු ගත් පමිණින් තමන් මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවීම විහිළුවක් බව ඇය සඳහන් කළ අතර තමා ‘ජනපතිගේ පාක්ෂිකයෙකු‘ බවද අවධාරණය කළාය. "කීර්ති රත්නායක කියන journalist මට කතා කළා අර නෙළුම් පොකුණේ සිද්ධ වෙච්ච සිද්ධිය ගැන අහන්න. 

ඔහුව කොහො ම ද දන්නේ කියන එක තමයි. Journalist කෙනෙක් හැම තිස්සේ ම ඉතින් අපිට කතා කරනවා. කීර්ති රත්නායක නෙමෙයි ඇති වෙන්න journalists ලා ඒ කාලය තුළ දී මම හිතන්නේ internationally වුණත් journalists ලා අපිට කතා කළා ඒ සම්බන්ධව අහන්න. ඉතින් අපිටත් ඕනේ වුණේ අපේ පැත්තේ තිබ්බ story එක එළියට ගන්න..

. මොක ද හරි ම අඩු ප්‍රමාණයක් තමයි අපේ පැත්තෙන් තියෙන ඇත්ත එළියට දැම්මේ. එයාව කොහොම ද දන්නේ කියල අහන්න තමයි මට අද එන්න කිව්වේ. මේක විහිළුවක්. මොක ද මම කීර්ති රත්නායක කියන journalistව කළු ද සුදු ද කියලවත් දන්නේ නෑ. මොක ද අපිට කතා කළා ම media එකකින් ආ මම මේ media එකෙන් කතා කරන්නේ, අපිට දෙන්න කියලා. 

ඉතින් අපි දෙනවා. ආදරණීය අපේ ජනාධිපතිතුමාට අපි කියන්න ඕනේ අපිත් මහන්සි වුණා ඔබතුමාව මේවා කරන්න. පහුගිය කාලේදී අපි දැක්කා ගොඩාක් දේවල් වෙනවා. ඒගොල්ලන්ව නම් අපි දැක්කේ නෑ CID කැඳවනවා. මම සාමාන්‍ය මනුස්සයෙක්. සාමාන්‍ය ගැහැණියක්. ඉතින් අපිව මෙහෙ ම ගෙන්නනවා කියන්නේ මාධ්‍යවේදියෙක් එක්ක කතා කරනවා කියලා ඇත්තට ම ඒක විහිළුවක්.“


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now



GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery
ReeCha