නත්තල් සමරන්න නුවරඑළියේ යනවා නම් ඔන්න වාසි රැසක්
දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව උදා වූ නත්තල සැමරීමට විදේශීකයන් විශාල පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බවත්, එසේ පැමිණි සංචාරකයන් විශාල පිරිසක් තම හෝටලයේද නවාතැන් පහසුකම් ලබා ගෙන ඇති බවත් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමාන්‍යාධිකාරි මහින්ද පින්නපොළ මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව සමාන්‍යාධිකාරිවරයා සඳහන් කළේ උදා වූ නත්තල වෙනුවෙන් නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලය නත්තල් ගස්වලින් සහ නත්තල් සැරසිලිවලින් සරසා තිබෙන අතර, නත්තල් සමයේ පැමිණෙන සංචාරකයන් සඳහා විශේෂ කෑම වට්ටෝරු, නුවරඑළිය අවට සුන්දර ස්ථාන නැරඹීම, හෝටලය තුළ විනෝද වීම ඇතුලු අංග රැසක් මෙවර නත්තල් සමයට ඇතුළත් කර තිබෙන බවයි.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවෙන් දින කිහිපයක් පමණක් මාර්ග අවහිර වීම හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීමේ අඩුවක් පැවති බවත්, රජය මැදිහත් වී එම මාර්ග කඩිනමින් යථා තත්වයට පත් කිරිමත් සමඟ පෙරටත් වඩා නුවරඑළිය සුන්දරව පවතින බව වාර්තා වේ.
එනිසා නත්තල් සමය සැමරීමට නුවරඑළියට පැමිණෙන ලෙසට නුවරඑළිය ග්‍රෑන්ඩ් හෝටලයේ සමාන්‍යාධිකාරිවරයා වැඩිදුරටත් පවසයි.