විශේෂ පුහුණුවක් සමඟ පළාත් මට්ටමින් නව තනතුරු 54 ක් සඳහා බඳවා ගැනීම් අරඹයි

Report

අධිකරණ නියෝග මත ආරක්ෂිත ස්ථාන වෙත ළමුන් ප්‍රවාහනය කිරීමේ නව ක්‍රියාවලියට අනුව, එක් පළාතකට එක් වාහනයක් බැගින් පළාත් 09 ට ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 9ක් ලබා දී ඇත.

ඒ අනුව බත්තරමුල්ල, සෙත්සිරිපාය, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සරෝජා සාවිත්‍රි පෝල්රාජ් අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (24) පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තු වෙත එම වෑන්රථ නිල වශයෙන් භාර දී තිබෙනවා.

එමෙන්ම “පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔස්සේ ද “සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශිලි අනාගත පරපුරක් ”යටතේ දරුවන් ප්‍රවාහනයේදී ආරක්ෂිත හා ගෞරවනීය ප්‍රවාහන ක්‍රමයක් සහතික කිරීම වෙනුවෙන් ළමා හිතකාමි ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට රජයේ අවදානය යොමුව තිබේ.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

එබැවින් මෙවර අයවැයෙන් පළාත් මට්ටමින්, පළාත් වෙත ළමුන් ප්‍රවාහනයට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වේ.

මීට පෙර ද ළමුන් ප්‍රවාහනය කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමේ මුල් අදියර යටතේ දකුණ, සබරගමුව, බස්නාහිර, වයඹ, උතුර යන පළාත් සභා 5 වෙනුවෙන් ටොයෝටා වර්ගයේ නවීන වෑන්රථ 05ක් ලබා දී තිබුණා.

මේ අතර රාජ්‍ය අංශයට නව බඳවා ගැනිම් අත්හිටුවා ඇතත් මෙම ක්‍රියාවලියට අවශ්‍ය කාර්ය මණ්ඩලයක් සඳහා නව බඳවා ගැනීම සිදු කිරීමට අවසර ලබා දී ඇති බව සඳහන්. එබැවින් පළාත් මට්ටමින් නව තනතුරු 54 ක් වෙනුවෙන් අනුමැතිය ලබා දී ඇත.

මේ වන විටත පළාත් මට්ටමින්, එක් පළාතකට රියදුරන් දෙදෙනෙකු, භාරකරුවන් දෙදෙනෙකු සහ ආරක්ෂක නිලධාරින් දෙදෙනෙකු ලෙස මෙලෙස නිලධාරින් 54 දෙනෙකු මෙම ළමුන් ප්‍රවාහනය සදහා බඳවා ගැනීම සිදු කරමින් සිටින බවට දැනුම් දී ඇත.

එසේම මෙසේ බදවා ගනු ලබන කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක් ලබා දීමටත් නියමිත බව සඳහන්.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී

මීට පස්සේ බීලා වාහන පදින අයට වැඩ වරදී