කොලෙස්ටරෝල් ඇත්නම් කිසිදා මේ ආහාර ගන්න එපා..! ජීවිතයත් බිළිගන්නා කොලෙස්ටරෝල් වලින් මිදෙමු..

Cholestrol Healthy Food Recipes Heart Attack Diabetes Latest Headlines
By Sewvandhi Oct 17, 2024 04:39 PM GMT
Sewvandhi

Sewvandhi

Report

බොනොවන රෝගයක්‌ ලෙස අධික රුධිර කොලොස්‌ට්‍රොaල් ප්‍රමාණයක්‌ පැවතීම අද සමාජයේ බහුලව දකින්නට ලැබේ. තමාගේ කොලොස්‌ට්‍රොaල් ප්‍රමාණය වැඩි වූ විට ආහාර ලබාගන්නේ කෙසේදැයි බොහෝ දෙනකුට පවතින ගැටලුවකි.

ඒ සඳහා යම් මඟ පෙන්වීමක්‌ ලෙස පහත සඳහන් ක්‍රම අනුගමනය කළ හැකිය. එහෙත්, තම කොලොස්‌ට්‍රොaල් සංයුතිය අනුව මෙම ආහාර වල සුදුසු නුසුදුසු බව වෙනස්‌විය හැකිය.

ඒ සඳහා ගැටලු සහගත අවස්‌ථාවකදී පෝෂණවේදියකු හෝ සුදුසුකම් ලක්‌ වෛද්‍යවරයකුගෙන් උපදෙස්‌ ලබාගැනීම ඉතා යෝග්‍යවේ. අධික රුධිර කොලොස්‌ටරෝල් මට්‌ටමක්‌ ඇති අය සඳහා මෙම ලිපිය වැදගත්වේ.

බහුලව ගතහැකි ආහාර –

තක්‌කාලි යුෂ, දෙහි යුෂ (සීනි රහිත) වැනි යුෂ වර්ග. සෝඩා වතුර, කොළ කැඳ, තැඹිලි. බෙලිමල්, රණවරා, එළවළු සුප්, බ්‍රෑන් ක්‍රැකර්, බිස්‌කට්‌, කෝපි. යොදය රහිත කිරි හෝ එම කිරි වලින් සාදන ලද ආහාර වර්ග (උදා- මේදය අඩු යෝගට්‌) ගෝවා, ලීක්‌ස්‌ වැනි කොළ එලවළු සහ ගොටුකොළ, මුකුණුවැන්න, කංකුං වැනි පලා වර්ග.

වම්බටු, මුරුංගා, පතෝල වැනි පිටි නැති එලවළු වර්ග සහ එලවළු සලාද, හාල් පිටි, කුරක්‌කන් පිටි, උළුදු පිටි වලින් සාදන ලද ආහාර වර්ගල. පැස්‌ටා, ඕටිස්‌. කුඩා මාළුÊවර්ග. උදා – හුරුල්ලා, සාලයා, හාල් මැස්‌සා. බිත්තර සුදුමද. දොඩම්, ඇපල්, ගස්‌ ලබු, කෙසෙල්, පේර, බෙලි, දිවුල් වැනි පලතුරු වර්ග. මාංශ බෝග වර්ග. (උදා – මුං ඇට, කව්පි, කඩල, පරිප්පු.)

මධ්‍යස්‌ථව ගත හැකි ආහාර –

සතියකට හතර වතාවක්‌ පමණ මාළු හෝ කුකුළු මස්‌ (හම රහිත)අඩුම තරමින් සතියකට දවස්‌ දෙකක්‌ හෝ ඊට වැඩි ගණනක්‌ මාළු ආහාරයට ගන්න.

සම්පූර්ණ යොදය සහිත කිරි සහ එම කිරි වලින් සාදන ලද ආහාර (උදා – මුදවපු කිරි) අල, බතල, මයියොක්‌කා වැනි පිටි සහිත එළවළු වර්ග. ඔලිව් තෙල්, සෝයා තෙල්, සූරියකාන්ත තෙල්, ඉරිඟු තෙල්. ලුණු එකතු නොකල ඇට වර්ග, බඩ ඉරිඟු. අලිගැට පේර, කෝලිකුට්‌ටු, ආනමාලු වැනි පලතුරු. කෝපි.

නොගත යුතු ආහාර 

පීකුදු, හරක්‌ මස්‌, ඌරුමස්‌, සොසේජස්‌, බේකන් වර්ග. බිත්තර කහ මද සහ කහමද වලින් සාදන ලද ආහාර වර්ග (උදා මයෝනේස්‌) බැදපු ආහර වර්ග (ගැඹුරු තෙලේ බැදි හෝ තෙම්පරාදු කළ) ඉස්‌සන්, කකුළුවන්, පොකිරිස්‌සන්. එළඟිතෙල් බටර්, චීස්‌ වර්ග.

පීසා, යෝගට්‌, පුඩිං වර්ග, වටලප්පන්, අයිස්‌ක්‍රීම් වැනි සීනි, පැණි හෝ හකුරු යොදා සාදන ලද අතුරු පස වර්ග. පෙප්සි, කොකාකෝලා, µeන්ටා, ලෙමනේඩ් වැනි පැණි රස බීම වර්ග. චොක්‌ලට්‌, කේක්‌, පැණි රස බිස්‌කට්‌, ලුණු එකතු කරන ලද ඇට වර්ග.

තෙලේ බදින ලද අල පෙති සහ පාන් වලින් සාදන ආහාර වර්ග වන පේස්‌ටි්‍ර, රෝල්ස්‌, පැටිස්‌. සෝස්‌ වර්ග. ටින්වල ඇසූරු හෝ වියලි මාළු. අධික ලුණු සහිත ආහාර වර්ග වන අච්චාරු වර්ග, සුප් කැට සහ සුප් පැකට්‌ අනෙකුත් ලුණු යොදා සංරක්‍ෂණය කරන ලද ආහාර වර්ග.

පිළිපැදිය යුතු උපදෙස්‌....

මෙම ආහාර වට්‌ටෝරුව හොඳින් කියවා තේරුම් ගෙන නියමිත පරිදි අනුගමනය කරන්න. නියමිත පරිදි ආහාර වේල් නියමිත වේලාවට ගත යුතුය. ඔබගේ ශරීර බර වෙනස්‌වීම පිළිබඳ සැලකිලිමත් වන්න. ආහාර තෙලෙන් බදිනවා වෙනුවට ආහාර තම්බා හෝ පුළුස්‌සා හෝ මයික්‍රොවේව් උඳුනක දමා හෝ පිළියල කිරීම වඩා සුදුසුය.

ආහාරවල තෙල් බේරී යැමට හෝ උරාගැනීමට සලස්‌වන්න. ආහාර වේල් තුනම කුඩා ප්‍රමාණයෙන් ගන්න. ආහාරවලට ලුණු එකතු කිරීම අඩුකළ යුතුය. පළතුරු යුෂ වශයෙන් පානය කරනවාට වඩා පළතුරු ලෙස ආහාරයට ගැනීම වඩා සුදුසුය.

දිනපතාම නිසි ව්‍යායාම්වල යෙදීම ඉතා සුදුසය. මාළු වැඩියෙන් ආහාරයට එක්‌කර ගන්න. උදා – සැමන්, හුරුල්ලා, සාලයා ආදිය. වේල් අතර අතුරු පසක්‌ ලෙස ඇට වර්ග සතියකට වරක්‌ දෙවරක්‌ සුළු ප්‍රමාණයන්ගෙන් ගැනීමෙහි වරදක්‌ නැත.

උදා – රට කජු, කජු වැනි සුදු ළුEනු ව්‍යාජනවලට එකතු කර ආහාර පිස ගැනීමට වඩා සුදුසුය. ව්‍යාංජන පිළියෙල කිරීමේදී පමණ ඉක්‌මවා නොයන පරිදි පොල් කිරි හෝ තෙල් එකතු කිරීම සුදුසුය.