මෙරරට චීන සහය අඛණ්ඩව

Report

අකුරණ බානාගල චීන භාෂා මධ්‍යස්ථානයේ විවෘත කිරීම අද (13) ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන්ග්හොන්ග් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

එම අවස්ථාවට එක්වෙමින් තානාපතිවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාවට අවශ්‍ය ඕනෑම අවස්ථාවක චීනය නිරන්තරයෙන් සහය ලබාදීමට බලාපොරොත්තු වන බවයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර වසර 2000කට ආසන්න කාලයක සිට පැවත එන සමීප සබඳතා ඉතා වැදගත් බවද ඔහු මෙහිදී අවධාරණය කළේය.

ටෙන්ඩර් ඇමතුමක් ලීක් වෙයි - ලංකා ගල් අඟුරු ප්‍රතිචාර දක්වයි

ටෙන්ඩර් ඇමතුමක් ලීක් වෙයි - ලංකා ගල් අඟුරු ප්‍රතිචාර දක්වයි

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලාංකික ජනතාව මුහුණදෙන ඕනෑම දුෂ්කර අවස්ථාවකදී චීනය ඉදිරිපත්ව සහය ලබාදීමට කටයුතු කර ඇති බවයි. විශේෂයෙන් ඉන්ධන හිඟය වැනි අවස්ථාවලදී සහ දිට්වා කුණාටුව වැනි ස්වභාවික ආපදා සමයේදීද චීනය සහය ලබාදුන් බව ඔහු පෙන්වා දුන්නේය.

චීනය අනාගතයේදීද ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය ලබාදීමට අපේක්ෂා කරන බව තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

2026 අලුත් අවුරුදු නැකැත්

2026 අලුත් අවුරුදු නැකැත්