ලෝක ඉතිහාසයේ නව පෙරළියක් - ලොව පළමු මිනිසුන් රහිත ගුවන් යානය චීනයෙන්

By Shehan Feb 03, 2026 06:31 AM GMT
Report

චීන අභ්‍යවකාශ තාක්ෂණයෙන් සංවර්ධනය කරන ලද, ගුවන් නියමුවෙකු හෝ කිසිදු නිලධාරියෙකු නොමැතිව විශාල භාණ්ඩ ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකි ඩ්‍රෝන වර්ගයට අයත් ලොව ප්‍රථම Cai Hong YH-1000S නම් දෙමුහුන් බලශක්තියෙන් ක්‍රියාත්මක වන මිනිසුන් රහිත ගුවන් යානය, චීනයේ Chongqing නගරයේදී සිය ප්‍රථම ගුවන් ගමන සාර්ථකව නිම කර තිබේ.

මෙම YH-1000S යානය, චීන අභ්‍යවකාශ අංශය විසින් නියමිත ගුවන් ආරක්ෂක සුදුසුකම් හා ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය කරන ලද විශාල පරිමාණ මිනිසුන් රහිත භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් බවද සඳහන් වේ.

මෙම ගුවන් යානා ජාත්‍යන්තර භාණ්ඩ ප්‍රවාහනය, හදිසි අවස්ථාවලදී ක්ෂණික ප්‍රතිචාර ලබා දීම, ස්වභාවික විපත් කළමනාකරණය සඳහා සහාය වීම සහ සාගර නිරීක්ෂණ වැනි ක්ෂේත්‍රයන්හි සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ හැකි බවද වාර්තා වේ.


GalleryGalleryGallery