චීනයෙන් ප්‍රභල රටවල් 03කට රතු එළියක්..ආසියානු රටකට ප්‍රහාරයක්.
අමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව එකාබද්ධ ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබීම චීනයේ දැඩි දෝෂ දර්ශනයට ලක්ව තිබේ.
චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එය අතිශයින්ම වගකීම් විරහිත සහ පටු ආකල්පයකින් ගත් තීරණයක් බවය.
මේ අතර එම ගිවිසුම යටතේ ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ඨික සම්මැරීන් තාක්ෂණය ලබාදීම තුළින් එරට චීනයේ විරුද්ධවාදීයෙකු බවට පත්ව ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර තිබුණි.
මේ අතර ඉන්දුනීසියාවේ ඉහළ පෙළේ දේශපාලන සහ ආරක්ෂක සබඳතා ජාලවලට අනවසර ප්‍රවේශයක්(සයිබර් ප්‍රහාරයක්) සිදුව ඇති බවට අනාවරණ වී තිබෙනවා.
එරට බුද්ධි අංශය, අමාත්‍යවරුන්ගේ සහ ආයතන 10 ක පමණ ජාලගත පරිගණක පද්ධති වෙත මෙම සයිබර් ප්‍රහාරය (අනවසර ප්‍රවේශය) සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමඟින් වැදගත් සහ සංවේදී දත්ත රැසක් පැහැරගෙන ඇති බවට සැක මතුව තිබෙනවා.
ඉන්දුනීසියාව චෝදනා කළේ චීනයේ පරිගණක ඔත්තුකරුවන් මෙය සිදුකර ඇති බවටයි.
කෙසේ වෙතත් මෙම සිදුවීමත් සමඟ ඉන්දුනීසියාව සහ චීනය අතර මුහුදු සීමා හේතුවෙන් අර්බුදයට ලක්ව තිබූ සබඳතා යළි උත්සන්න වනු ඇතැයි විදෙස් වාර්තා පෙන්වා දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |