ලෝකෙම විනාසෙට යද්දි ස්ථාවරව වැජඹෙන චීනය - වැඩි වෙන තෙල් මිල හමුවේ සියලු රටවල් අභිබවා පෙරට
ඉරාන යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල වසර හතරකට අනතුරුව ප්‍රථම වතාවට බැරලයක් ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබුණා. කෙසේ වුවද සෙසු රටවලට සාපේක්ෂව මෙම තත්ත්වයට සාර්ථකව මුහුණ දීමට චීනය සූදානම්ව සිටින බව ආර්ථික විශ්ලේෂකයන් සඳහන් කරයි.
එයට ප්‍රධාන හේතුව නම් චීනය ලොව විශාලතම තෙල් ආනයනකරු වුවද, ඉකුත් දශක දෙකක කාලය තුළ ඔවුන් ක්‍රමයෙන් සිය බලශක්ති උපායමාර්ගයන් වෙනස් කර තිබීමයි.
එමෙන්ම විශ්ලේෂකයන් පෙන්වා දෙන ලෙස චීනය සතුව දැනට බැරල් බිලියන 1.2ක පමණ දැවැන්ත ගොඩබිම් තෙල් සංචිතයක් ඇත.
මෙය එරටට මාස 3 සිට 4 දක්වා කාලයකට ප්‍රමාණවත් වන අතර, එමඟින් මිල ඉහළ යාම හේතුවෙන් ඇතිවන ක්ෂණික ආර්ථික කම්පනය ප්‍රභල ලෙස පාලනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී ඇත.
ලොවම බලා සිටි තීරණාත්මකම මොහොත එළඹෙයි - රටවල් ගණනාවක් එකතුවෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගන්න යන තීරණය
මේ අතර චීනය සිය බලශක්ති අවශ්‍යතාවයන් සඳහා ෆොසිල ඉන්ධන මත යැපීම අවම කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග කැපී පෙනෙන බව ද වාර්තා වේ.
විශේෂයෙන්ම විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම නිසා දිනකට තෙල් බැරල් මිලියනයකට අධික ප්‍රමාණයක ඉල්ලුමක් දැනටමත් අඩු කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා.
එසේම මේ වන විට චීනයේ අලෙවි වන නව මගී වාහනවලින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් නව බලශක්ති වාහන වීම විශේෂත්වයක් වේ.
ඊට අමතරව, සූර්ය සහ සුළං බලය වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් යොමු වෙමින් සිටින චීනය, 2030 වන විට සිය මුළු බලශක්ති පරිභෝජනයෙන් 25%ක් ෆොසිල නොවන ඉන්ධන මඟින් සපුරා ගැනීමට ඉලක්ක කර සිටීම ද සුවිශේෂී වේ.
ඉන්ධන ගැන රටම බියෙන් ඉද්දි සියලුම දෙනාගෙන් ජනපති කරපු ඉල්ලීම - ඉන්ධන සහ බලශක්තිය පරිස්සමින් පාවිච්චි කරන්න
කෙසේ වෙතත් ඉන්දියාව වැනි රටවල් තෙල් ආනයනය මත දැඩි ලෙස යැපෙන පසුබිමක, චීනය සිය බලශක්ති සැපයුම විවිධාංගීකරණය කර තිබෙනවා.
හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි අවදානම් සහගත නාවික මාර්ග ඔස්සේ සිදුවන තෙල් ගමනාගමනයට ඇති සංවේදීතාව චීනය සැලකිය යුතු ආකාරයට අඩු කරගෙන ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විශේෂඥයන් සඳහන් කරන්නේ වර්තමාන තෙල් මිල ඉහළ යාම චීනය දැනටමත් ගමන් කරමින් සිටින බලශක්ති විවිධාංගීකරණ වැඩපිළිවෙල තවදුරටත් ශක්තිමත් කිරීමට හේතු වන බවයි.