ජල ගාස්තු ගැන රජයෙන් නව ප්‍රකාශයක්

Report

 මේ අවස්ථාවේදී ජල ගාස්තු ඉහළ දැමීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජනතාවට අතිරේක ආර්ථික බරක් ඇතිවන ආකාරයේ හදිසි ජල ගාස්තු වැඩි කිරීමක් සිදු කිරීමට රජය සැලසුම් කර නොමැති බවයි.

එසේම ජල ගාස්තු සම්බන්ධයෙන් සිදුකරන සාමාන්‍ය සංශෝධන ක්‍රියාවලිය අනුව මීළඟ සංශෝධනය සිදුකිරීමට සැලසුම් කර ඇත්තේ ලබන ජුනි මාසයේදී බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජල සම්පාදන ක්ෂේත්‍රයේ පවතින වියදම්, සේවා නඩත්තු අවශ්‍යතා සහ ජනතාවට ලබාදෙන සේවාවන්ගේ තත්ත්වය සලකා බැලීමෙන් පසුව එම සංශෝධන සම්බන්ධයෙන් තීරණ ගනු ලබන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

මැදපෙරදිග ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

මැදපෙරදිග ජීවත්වන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ නිවේදනයක් - ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි

විදුලිය නිසා ලංකාව තවත් ආගාධයකට ඇඳ වැටන ලකුණු - සේවක ඉල්ලීම් දෙන්න නම් විදුලි බිල සීයට සීයකින් වැඩි කරන්න වෙයි