ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමට පියවර ගන්නා බව පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.
කොළඹදී බොදුබල සේනා සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයෙන් අදහස් පළ කළ බවට උන්වහන්සේට චෝදනා එල්ල වී ඇත.
එම සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අනුව අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කරන බව පොලිසිය අද (11) දින අධිකරණයට දැනුම් දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වසර 11ක කාලයක් තුළ නීතිපති උපදෙස් නොලැබීම සහ එම ප්‍රමාදයට හේතු පිළිබඳව පැහැදිලි කිරීමක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර පොලිසියට නියෝග කර තිබුණි.
ඒ අනුව, එම නියෝගයට අනුව පොලිසිය අද දින අධිකරණය වෙත කරුණු දක්වා ඇත.