චීනයෙන් තායිවානයට ප්‍රහාරයක්?..රුසියන් ප්‍රහාරක යානා 16කුත් යයි..

China
By Aruna Aug 05, 2022 02:10 AM GMT
Aruna

Aruna

Report

යුද අභ්‍යාසයක නිරත වී සිටින චීනය තායිවාන මුහුදට බැලැස්ටික් මිසයිල එල්ල කරමින් සිටිනවා.

විදෙස් වාර්තා පැවසුවේ මේ වනවිට ඔවුන් එලෙස බැලැස්ටික් මිසයිල 11 ක් පමණ එල්ල කර ඇති බවයි.

පවතින තත්ත්වය හමුවේ තායිවානයට ඉහල අහසින් වුවද මිසයිල ගමන් කල හැකි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඇතැම් ජාත්‍යන්තර විචාරකයන් පවසන්නේ චීනය ආක්‍රමණයකට සූදානම් වන බවයි.

සාමාන්‍යයෙන් යුද අභ්‍යාසයකදී භාවිත කරන්නේ පුහුණු වෙඩි උණ්ඩ පමණයි.

එහෙත් චීනය මෙම යුද අභ්‍යාසය සදහා භාවිත කරන්නේ සජීවී උණ්ඩ වීම විශේෂත්වයක්.

මේ අතර තායිවානය ගුවන් කලාපය උල්ලංඝනය කරමින් චීන ප්‍රහාරක ගුවන් යානාද මෙම යුද අභ්‍යාසයට එක් කර තිබෙනවා.

එම ගුවන් යානා අතර රුසියාවේ නිෂ්පාදිත ප්‍රහාරක ගුවන් යානා 16 ක්ද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම ගුවන් යානා ඕනෑම කාලගුණ තත්ත්වයක් යටතේ පියාසර කරවිය හැකි බවත්, පියාසැරි වේගය පැයට කිලෝමීටර් 2100 ක් පමණ වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now