ඇයි මෙහෙම උනේ..? මෙරට දරුවන් ගැන අනාවරණය වූ දේ..
මෙරට පාසල්වල 1,4,7,සහ 10 ශ්‍රේණිවල දරුවන් අතුරින් 26.8%ක් උසට සරිලන බර නැති දරුවන් බවට වාර්තා වනවා.
මේ බව සඳහන් වන්න්නේ, පවුල් සෞඛ්‍ය සේවා කාර්යංශය විසින් පෝෂණ මාසයට සමගාමීව 2024 වර්ෂයට අදාලව නිකුත් කළ වාර්තාවේය.
මෙවැනි කෘෂ දරුවන්ගේ ප්‍රතිශතය ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ 21.0% සිට 26.8% දක්වා වැඩි වී ඇති බවයි, පෙනී යන්නේ .
දරුවන්ගේ වැඩිම ප්‍රතිශතය 40%ක් ලෙස වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රීක්කයෙන්.
මෙම ප්‍රතිශතය 2023 වසරේ ගාල්ල දිස්ත්‍රීක්කයෙන් වාර්තාවී තිබුණේ 18.1% වශයෙනුයි.
මෙම වාර්තාව පෙන්වා දෙන පරිදි කොළඹ දිස්ත්‍රීක්කය හැර සෑම සෙසු දිස්ත්‍රීක්කයකම උසට ගැලපෙන බර නැති දරුවන්ගේ ප්‍රතිශතය වැඩිවී ඇති බවයි.