ගම්බද පාසල්වල දරුවන් සමාජ රෝගවලට ලක් වීමේ වැඩි අවදානමක්
ලිංගාශ්‍රිත රෝග කිව්ව ගමන් එක්කෝ මිනිස්සුන්ට ඇති වෙන්නෙ බයක්, එහෙමත් නැත්තම් ගොඩක් දෙනා හිතන්නේ එය කියන්න හොඳ නැති දෙයක් විදිහට.
මීට අවුරුදු ගාණකට කළින් ලංකාවෙ තත්ත්වෙත් ඒකම තමයි.
එහෙත් මේ වන විට ලෝක ගමන් කරන දිශාවත් සමඟ, ගෝලීයකරණයත් සමඟ පුද්ගල මනසෙ යම් වර්ධනයක් දැක ගන්න පුළුවන්.
ඒ නිසා අතීතෙ කතා නොකළ බොහෝ මාතෘකා අද වෙනකොට සමජයේ එළිපිට කතා කරනවා.
නමුත් අවාසනාවකට වගේ තවමත් ලංකාවේ ලිංගික අධ්‍යාපනය තියෙන්නේ පහළ මට්ටමක. ඒ නිසාම නොදැනුවත්කම නිසා ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වන පිරිසක් තවමත් සමාජය තුළ සිටිනවා.
ලිංගාශ්‍රිත රෝගයක් යනු සාමාන්‍යයෙන් යෝනි මාර්ගය, ගුද මාර්ගය සහ මුඛ මාර්ගයන්ගෙන් ලිංගික සංසර්ගයේ යෙදීම මඟින් එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවන ආසාදන තත්ත්වයන්ට.
අප අවට සමාජයේ ලිංගාශ්‍රිත රෝග සුලභ වුණත් ආසාදිත බොහෝ දෙනා රෝග ලක්‍ෂණ පෙන්වීමක් කරන්නෙ නැහැ. ඒ නිසාම බරපතළ සොඛ්‍ය ගැටලු ඇති වෙන්න පුළුවන්.
2016 වසරේ ලිංගාශ්‍රිත රෝග සායනවලට රෝගීන් 35000 ක් වැනි පිරිසක් පැමිණ ඇති බව වාර්තා වනවා.
මෙහි විශේෂත්වය වන්නේ ඉන් 1400 ක්ම අවුරුදු 18 අඩු ළමයි වීම.
වයස අවුරුදු 25 ට අඩු පිරිස 3500 ක්.
ඒ වගේම තමයි අවුරුදු 15 ත් 25 ත් අතර පිරිසෙන් 25 දෙනෙක් HIV ආසාදිතයන්.
ඒ වගේම ගම්බද පාසල්වල දරුවන් සමාජ රෝගවලට ලක් වීමේ වැඩි අවදානමක් පවතිනවා.
මේකට මූලික හේතුවක් ලෙස පාසලෙන් ලැබිය යුතු ලිංගික අධ්‍යාපනය නොලැබීම දක්වන්න පුළුවන්.
අතීතයේ වගේම තවමත් ඇතැම් ගම්බද පාසල්වල පෙළ පොතේ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් තිබෙන බොහෝ පිටු මඟ හැරෙනවා.
නමුත් ගැටලුව තියෙන්නේ පාසලෙන් නොලබපු දැනුම වෙනත් ආකාරයට තරුණ දරුවන් ලබා ගැනීමට කුතුහලයෙන් පසු වීම.
අද සමාජයේ සිටින බොහෝ ලිංගික රෝග වැළඳුනු විදිහ ගැන රෝගීන්වත් දැනුවත් නැහැ..
එය රටේ මෙන්ම අනාගත පරම්පරාවෙත් ඛේදවාචකයක්. ඒ නිසා ඔබේ දරුවාට නිවැරදි අධ්‍යාපනය ලබා දෙන්න.
උචිත ලිංගික අධ්‍යාපනය ලබා දීම ලිංගික රෝගයක් වැළඳීමට වඩා ගෞරවනීය බව සිහි තබා ගන්න.
