ළමා නිවාසයක ළමයින් ඇතුළු 45 කට කොවිඩ්

Sri lanka Nuwara eliya nuwara ekiya
By Sithumi Jul 05, 2021 11:19 AM GMT
Sithumi

Sithumi

Report

නුවරඑළිය නගරයේ පිහිටි ළමා නිවාසයක 45 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය අසාදනය වී ඇති අතර එම හේතුවෙන් අදාළ ළමා නිවාසය තාවකාලිකව වසාදැමීමට කටයුතු කර තිබේ.

අප වාර්තාකරු පැවසුවේ නුවරඑළිය නගරයේ හාවාඑළිය ප්‍රදේශයේ පිහිටි ළමා නිවාසයක සිටි ළමුන් 37 දෙනෙකුට සහ එම ළමා නිවාසයේ කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකු වෛරසය අසාදනය වි ඇති බවය. 

එම ළමා නිවසයේ ළමුන් 08 දෙනෙකුට මිට පෙර කොවිඩ්-19 වෛරසය ආසාදනයවිම නිසා එම ළමා නිවාසයේ සිටි අනෙක් ළමුන් සහ කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමුකර තිබුණි.