මිත්‍යාව නිසා මිය ගිය බව කියූ දරුවාටත් කොවිඩ්.. (VIDEO)

video Covid 19 Childran badalgama
By Sithumi Feb 12, 2022 11:30 AM GMT
Sithumi

Sithumi

Report

බඩල්ගම දරුවාට කොරෝනා ආසාදනය බව අනාවරණ වේ... දෙමව්පියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මීගමුව - බඩල්ගම - ආඬිමුල්ල ප්‍රදේශයේදී ජීවිතක්ෂයට පත් වූ පිරිමි දරුවාට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව මරණ පරීක්ෂණයේ දී අනාවරණ වී තිබෙනවා.

ඖෂධ ලබා නොදී අසනීප තත්ත්වයෙන් පෙළුණු මෙම දරුවාට සුවය පතා දෙමව්පියන් යාඥා කරමින් සිටිය දී දරුවා මියගොස් තිබූ අතර, දින දෙකක් යනතුරු ඒ බව ඔවුන් කිසිවෙකුටත් හෙළි කර තිබුණේ නැහැ.

එසේම දරුවා මියගිය පසුත් ඔවුන් යාඥා කරමින් සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය අනාවරණ වීමෙන් පසු දරුවාගේ මව, පියා සහ මිත්තණිය අත්අඩංගුවට ගැනුණු අතර,පසුව මව රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now