අනේ දෙවියනේ විදුලි රැහැනට බිලි වෙන්න ගිය එළුවා බේරගන්න ගිහින් පුංචි මල් කැකුළ දිවියෙන් සමුගනියි

Report

කුච්චවේලි ප්‍රදේශයේ වගා භූමියක කම්බි වැටකට සම්බන්ධ වූ විදුලි රැහැනකින් විදුලි සැරවැදී, තම එළුවා බේරා ගැනීමට ගිය දාසය හැවිරිදි පාසල් සිසුවා මිය ගොස් ඇති බව කුච්චවේලි පොලීසිය වාර්තා කරයි.

මෙලෙස මිය ගිය සිසුවා කුච්චවේලි, සල්ලිමුනේ පදිංචි, අන්නූරියා මහා විද්‍යාලයේ 11 වසරේ ඉගෙනුම ලබන අයුබ්කාන් මොහොමඩ් රිපාස් (16) ය.

එළුවන් බැලීමට ඊයේ (10) සවස නිවසින් පිටව ගිය මෙම සිසුවා, වඩලිකුලම් වගා භූමියක වැටක පැටලී, මිය යන තම එළුවා බේරා ගැනීමට ගොස් විදුලි සැරවැදී බරපතල තත්ත්වයට පත් වී තිබේ.

පස් දෙනෙකුට මරු කැදවූ වෙන්නප්පුව විෂ මත්පැන් හදපු විදිහ අයිතිකරුවන් පාපොච්චාරණය කරයි

පස් දෙනෙකුට මරු කැදවූ වෙන්නප්පුව විෂ මත්පැන් හදපු විදිහ අයිතිකරුවන් පාපොච්චාරණය කරයි

බරපතල තුවාලයෙන් කුච්චවේලි ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කරන ලද සිසුවා, පසුව ත්‍රිකුණාමලය මහ රෝහලට මාරු කර තිබුණද, අවසන් වශයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනවසරව සම්බන්ධ වී තිබූ විදුලි රැහැන අයිතිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විදුලිබල මණ්ඩලයේ විශ්‍රාමික කාර්මික ශිල්පියෙකු බවත් පොලිසිය සොයාගෙන තිබේ.

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ

මේ ප්‍රදේශ තවදුරත් අවදානම් - නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කෙරේ