සජිත්ට සහය පල කරන්න ආ තවත් පක්ෂයක ප්‍රධාන සංවිධායකයෙක් ඝාතනය කෙරේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ සම්පත් ගමගේ නමැති පුද්ගලයා ඔහුගේ නිවසේදී ඝාතනය කර තිබෙනවා.
ඔහු පදිංචිව සිටි හෝමාගම පනාගොඩ සමගි මාවතේ නිවසේදී මෙම අපරාධය සිදුකර ඇති බවයි මීගොඩ පොලීසිය සඳහන් කළේ.
මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ, ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් මුගුරකින් හිසට පහරදී ඇති බවයි.
එහිදී බරපතළ තුවාල ලැබූ සම්පත් ගමගේ නමැත්තා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
කෙසේ වෙතත් ඝාතනය සිදු කළ සැකකරු මෙතෙක් හඳුනාගෙන නොමැත.
මියගිය පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිනිදුම ආසනයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කර මීට සති දෙකකට පමණ පෙරදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස හමුවී සහයෝගය පළ කිරීමට කටයුතු කර තිබූ බවද නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පවසා ත්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.