චරිත හේරත් සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත් කෙරේ
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සමගි ජන බලවේගයට එක් වූ මහාචාර්ය චරිත හේරත් මහතා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල ආසනයේ සංවිධායක ලෙස කටයුතු කරමින් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සක්‍රීයව සහාය ලබාදී ඇත.
පක්ෂයට කළ කැපවූ සේවය සහ දායකත්වය අගය කරමින්, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම පත්වීම සිදුකර ඇති බව සඳහන් වේ.