රාජ්‍ය අමාත්‍යංශය දෙකක් තුළ සංශෝධන ඇති වෙයි
covid 19
Ari lamka
By Sithumi
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.
ඒ අනුව කාබනික පොහොර නිෂ්පාදන ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා දිවුරුම් දුන්නේය.
අමාත්‍යාංශ සංශෝධනයත් සමඟ මොහාන් ද සිල්වා මහතා වෙරළ සංරක්ෂණ හා පහත් බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබිණ. එම අවස්ථාවට ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර මහතා ද එක්ව සිටියේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |