ජනපති විශේෂ මාධ්‍ය හමුවෙන් හිරු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමව කපා හරියි..

Sri Lanka Politician
By Aruna Sep 18, 2024 05:37 AM GMT
Aruna

Aruna

Report

සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා වල සහභාගීත්වයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සිදු කරන විශේෂ මාධ්‍ය හමුව අද සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා ඔස්සේ විකාශනය කිරීමට නියමිතව තිබෙනවා.

මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සියලු විද්‍යුත් මාධ්‍ය නාලිකා වලට ආරාධනා කර ඇති අතර, මේවන විට එහි පටිගත කිරීම් කටයුතු ගෝස්ෆේස් හෝටලයේ සිදුවන බවද වාර්තා වේ.

සති 03ක සමීක්ෂණයකින් දිනන ජනාධිපති අපේක්ෂකයෙක් ගැන හෙළිදරව්වක්..54%ක් ගන්නවලු.

සති 03ක සමීක්ෂණයකින් දිනන ජනාධිපති අපේක්ෂකයෙක් ගැන හෙළිදරව්වක්..54%ක් ගන්නවලු.


කෙසේනමුත් හිරු මාධ්‍ය නාලිකාවට ද මේ සඳහා ආරාධනා කර ඇති අතර, හිරු මාධ්‍ය නාලිකාව නියෝජන කරමින් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සහබාගීවීමට නියමිත බව කල්තියා ජනාධිපති මාධ්‍ය අංශයට දැනුම්දී ඇති බව ද වාර්තා වනවා.

කෙසේනමුත් මෙම ජනපති විශේෂ මාධ්‍ය හමුව හිරු මාධ්‍ය ආයතනය නොමැතිව මේ වන විට එහි පටිගත කිරීම් කටයුතු සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.