ජාතික කණ්ඩායමට එක්වීමට කළ කැපකිරීම්, චාමික කරුණාරත්න හෙළිකරයි
ඉන්දියාව සමඟ පැවති විස්සයි විස්ස තරඟාවලිය නිමා වුණේ කලකට අමතක නොවන ජයක් ශ්‍රී ලංකාවට අත්කර දෙමින්. නිමා වූ මෙම තරඟාවලිය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට දක්ෂ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම හඳුනා ගැනීමට හැකිවීම විශේෂත්වයක්.
එලෙස හඳුනාගත් ක්‍රීඩකයින් අතර තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න කෙරෙහි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා. ඒ අනුව ඊයේ තරඟයෙන් අනතුරුව ඔහුව විශේෂ සම්මුඛ සකච්ඡාවක් සඳහා එක්කරගන්නට තරඟාවලියේ නිල විකාශන අයිතිය භාරව කටයුතු කළ සෝනි ආයතනයේ නිෂ්පාදක කණ්ඩායම කටයුතු කළා.
එහිදී සෝනි මැදිරියේ, ප්‍රවීන ක්‍රිකට් විස්තර විචාරකයින් දෙපලක් වන සංජේ මන්ජේකාර් සහ අජිත් අගර්කාර් සමඟ සිටි නිවේදකයා තරඟාවලිය සම්බන්ධයෙන් සහ ඔහුගේ පුද්ගලික දක්ෂතා සම්බන්යෙන් ප්‍රශ්න කර සිටියා. එම අවස්ථාවේ චාමික කරුණාරත්න පැවසුවේ ජාතික කණ්ඩායම සඳහා එක්වීමට තමන් පසුගිය මාස 10-11කාලය තුල ඉතා වෙහෙස වී පුහුණුවීම් කරමින් තම ශාරීරික යෝග්‍යතාව ද මානව පවත්වාගෙන යමින් දැඩි කැප කිරීමක් සිදුකළ බවයි.
LPL තරඟාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩකයින් 70 දෙනා අතරද තමන් නොසිටි බවත් ඒ සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවත් චාමික එහිදී වැඩිදුරටත් පවසා සිටියා. කෙසේ වෙතත් ගතවු මාස 06-08 කාලය තුල තමන්ගේ පිතිකරණය, පන්දු යැවීම සහ ශාරීරික යෝග්‍යතාව කෙරෙහි අවදානයක් යොමුකරමින් කටයතු කළ බවයි ඔහු වැඩ දුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ. එහිදී ඉන්දීය කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩයාගෙන් ලැබුණු තිළිණය පිළිබඳව ද සංජේ මන්ජේකාර් ඔහුගෙන් විමසා සිටියා. ඔහු එම ප්‍රශ්නයට ලබාදුන්නේ මෙවැනි පිළිතුරක්.
"මම සූර්යකුමාර් යාදෙව් ළඟට ගිහින් කිව්වා, මට හර්දික් පාණ්ඩයා එක්ක කතා කරන්න ඕන කියලා. ඒ වගේම එයාගෙන් බැට් එකක් ගන්න ඕනි කියලා සූර්යකුමාර්ට මම කිව්වා. සූර්යකුමාර් මට කිව්වා, ගිහින් කතා කරන්න, එයා අනිවාර්යෙන්ම බැට් එකක් දෙයි කියලා. මම ඔහු ළඟට ගියාම සූර්යකුමාර් හින්දියෙන් කිව්වා, මම බැට් එකක් ඉල්ලන්න ඇවිත් ඉන්නෙ කියලා. පාණ්ඩයා මගෙන් ඇහුවා බැට් එකක් ඕනෙද කියලා? මම පළවැනි පාර කිව්වා, නෑ කියලා. පාණ්ඩයා ආයෙමත් මගෙන් ඇහුවා, බැට් එකක් ඕනද කියලා. මම කිව්වා, ඔව් කරුණාකරලා, කියලා. ඊට පස්සෙ ඔහු මට ඒ ශ්‍රේණියේ ඉතා හොඳ පිත්තක් ලබා දුන්නා. අපට එහෙම පිති ලැබෙන්නෙ නැහැ. මම ඔහුට ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඔහු තමයි මගේ ක්‍රීඩා ජීවිතයේ වීරයා වගේම, මගේ රෝල් මොඩල් එක."
You may like this video-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
