නුවරඑළිය ඇතුළු කඳුකර මාර්ගවල නොපෙනෙන තරමට ඝන මීදුමක්- වාහන පදවන අයට පොලිසියෙන් රතු එළියක්
මධ්‍යම කඳුකරයට ඊයේ පතිත වූ අධික වර්ෂාවත් සමඟ ප්‍රදේශ කිහිපයක නායයෑම් සහ පස් කඳු කඩා වැටීමේ අවදානමක් මතුව තිබේ. මේ හේතුවෙන් මවුස්සාකැලේ සහ කැසල්රී ජලාශවල ජල මට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, ඊයේ උදෑසන වන විට මවුස්සාකැලේ ජලාශය වාන් මට්ටමට අඩි 6ක් ද, කැසල්රී ජලාශය අඩි 4ක් ද ආසන්නයට පැමිණ තිබුණි.
ජලාශ භාර ඉංජිනේරුවන්ට අනුව පෝෂක ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ලැබෙමින් පවතී. ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර, කැන්යොන් සහ බ්‍රෝඩ්ලන්ඩ් යන ජල විදුලි බලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මෙම ජලාශ දෙකෙනි.
මේ අතර, නුවරඑළිය ඇතුළු කඳුකරයේ ප්‍රධාන මාර්ග කිහිපයක උදෑසන සහ සවස් කාලයේ පැහැදිලිව මාර්ගය නොපෙනෙන තරමට ඝන මීදුමක් පවතින බව පොලිසිය පවසයි.
එම නිසා අනතුරු වළක්වා ගැනීමට ප්‍රධාන හා බෑවුම් සහිත මාර්ගවල ගමන් කිරීමේදී වාහනවල ඉදිරි පස ආලෝක ධාරා (headlights) දල්වාගෙන ඉතා ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.