මධ්‍යම කඳුකර ප්‍රදේශයට අවදානම් තත්ත්වයක් [PHOTOS]
            
                
                By Mithu
            
            
                
                
            
        
    පවතින වැසිබර කාලගුණයත් සමග මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ (16) රාත්‍රියේ සිට විටින් විට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඝණ මීදුම් තත්ත්වයක් ඇතිවී ඇති බවට තොරතුරු අනාවරණය වේ.
මෙම හේතුව නිසා ජන ජීවිතයට මෙන්ම මේ ප්‍රදේශවල ගමන් කරනා රථ වාහන ගමනාගමනයටද විශාල බලපෑමක් සිදුවී ඇති බවට වාර්තාවේ.
හැටන්-නුවරඑලිය, හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගවල සහ අතුරු මාර්ගවල මෙම ඝණ මීදුම් තත්ත්වය පවතින බව පවසයි.
එම මාර්ගවල රථවාහාන ධාවනය කිරීමේදි වාහනවල ඉදිරිපස ප්‍රධාන ලාම්පු දල්වාගෙන සෙමින් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරන ලෙස හැටන් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරින් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.


