කොටහේනේ තවත් අපරාධයක්, තරුණයෙක් ජීවිතක්ෂයට

Report

කොටහේන පොලිස් වසමේ බෝධිරාජ මාවත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදීම නිසා තුවාල ලැබූ පුද්ගලයෙකු ඊයේ (16) දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බව කොටහේන පොලිසිය වාර්තා කරයි.

ඒ අනුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 35ක් වූ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්.

එසේම මේ වන තෙක් සිදු කළ පොලිස් විමර්ශනවලදී මරණකරු හා අසල්වැසි පුද්ගලයෙකු සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම නිසා තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා.

එමෙන්ම අඳාළ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව ද වාර්තා වේ.

කෙසේ වෙතත් අපරාධයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීමට කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව පවසයි.

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

යහනයේදීම මියගිය රාජ්‍ය සේවිකාව මරලා - මෙන්න විස්තරේ

දරුණු අනතුරකින් මිය ගිය පියාගෙන් පුතාට ලැබුණු අමතක නොවන උපන්දින තෑග්ග

දරුණු අනතුරකින් මිය ගිය පියාගෙන් පුතාට ලැබුණු අමතක නොවන උපන්දින තෑග්ග

මහවැලියෙන් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි, පාලම උඩින් පැන්නද කියලත් සැකයක්

මහවැලියෙන් කාන්තාවකගේ මළ සිරුරක් හමුවෙයි, පාලම උඩින් පැන්නද කියලත් සැකයක්