TM App ඇතුළු තහනම් කෙරුණු පිරමිඩ ජාල 26ක ලැයිස්තුව මහ බැංකුවෙන් එළියට

Report

TM App ඇතුළු පිරමිඩ යෝජනා ක්‍රම රැසක් ගැන මහ බැංකුවෙන් දැඩි අනතුරු ඇඟවීමක් 1988 අංක 30 දරන බැංකු පනත යටතේ තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස හඳුනාගෙන ඇති සමාගම් සහ ජංගම යෙදුම් (Apps) රැසක් සමඟ සම්බන්ධ නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) මහජනතාවට දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.

මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, බැංකු පනතේ 83(C) වගන්තිය යටතේ සිදු කළ විමර්ශනයකදී TM App නීතිවිරෝධී පිරමිඩ යෝජනා ක්‍රමයක් මෙහෙයවා, ප්‍රවර්ධනය කර සහ ක්‍රියාත්මක කර ඇති බව අනාවරණය වූ බවයි.

එම විමර්ශනවල ප්‍රතිඵල මත තවත් සමාගම් සහ ජංගම යෙදුම් කිහිපයක්ද තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන තිබේ.

ආනයනයෙන් නිෂ්පාදනයට- ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඓතිහාසික පරිවර්තනක්

ආනයනයෙන් නිෂ්පාදනයට- ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ඓතිහාසික පරිවර්තනක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුනාගෙන ඇති තහනම් පිරමිඩ යෝජනා ක්‍රම සහ ආයතන:

Tiens Lanka Health Care (Pvt)Ltd

Best Life International (Pvt)Ltd

Mark-Wo International (Pvt)Ltd

V M L International (Pvt)Ltd

Global Lifestyle Lanka (Pvt)Ltd

Fast3Cycle International (Pvt)

Ltd Sport Chain App සහ Sport Chain ZS Society Sri Lanka

OnmaxDT MTFE App,

MTFE SL Group,

MTFE Success Lanka සහ MTFE DSCC Group Fastwin (Pvt)Ltd

Fruugo Oline App 

Fruugo Oline (Pvt)Ltd

Ride to Three Freedom (Pvt)Ltd

Qnet

Questnet Era Miracle (Pvt) Ltd සහ Genesis Business School

Ledger Block Isimaga International (Pvt)Ltd Beecoin App සහ Sunbird Foundation Windex Trading The Enrich Life (Pvt)Ltd

Smart Win Entrepreneur (Pvt)Ltd

Net Fore International (Pvt)Ltd / Netrrix Pro Care (Pvt) Ltd සහ Shade of Procare (Pvt) Ltd SGO / sgomine.com I.C.A.N. Advertising (Pvt) Ltd සහ එහි අනුබද්ධ වේදිකා Infinity Rover (Pvt) Ltd TM App මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ, නව සාමාජිකයින් බඳවා ගැනීම මත පදනම් වූ හෝ අසාමාන්‍ය ලෙස ඉහළ මූල්‍ය ප්‍රතිලාභ ලබාදෙන බවට පොරොන්දු වන ආයෝජන යෝජනා ක්‍රමවල මුදල් ආයෝජනය කිරීමෙන් වැළකී සිටින ලෙසයි.

එමෙන්ම, ඕනෑම ආයෝජනයක් සිදු කිරීමට පෙර එහි නීත්‍යානුකූලභාවය සහ විශ්වසනීයත්වය නිසි ලෙස සත්‍යාපනය කිරීම අත්‍යවශ්‍ය බවද මහ බැංකුව මහජනතාවට සිහිපත් කර තිබේ.

මෙවැනි සැකසහිත යෝජනා ක්‍රමවලට මුදල් යෙදවීමෙන් සැලකිය යුතු මූල්‍ය පාඩු සිදුවිය හැකි බැවින්, ඉතා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙසද එම නිවේදනයෙන් ඉල්ලා ඇත.