වැටුප් වැඩිවීම කල්දමයි..අලුතින්ම ගත් තීරණය.

Report

රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ, සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, වැටුප් සංශෝධන පිළිබඳ COPF වාර්තාවේ සියලුම නිර්දේශ පිළිගත් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අද (21) රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවට දැනුම්දී ඇති බවයි.

හැකි ඉක්මනින් වැටුප් සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කමිටුවක් පත් කරන බවත්, එතෙක් මහ බැංකුවේ වැටුප් වැඩිවීම ලබන මාසයේ සිට කල්දමන බවත් ඔහු සඳහන් කළේය.