“ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” - අගමැතිනිගේ ප්‍රධානත්වයෙන් ජාතික උත්සවය අද
ශ්‍රී ලංකාව සෑම වසරකම ඔක්තෝම්බර් 01 දිනට ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහන කාන්තා සහ ළමා කටයුතු විෂය භාර අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සමරනු ලබයි. මෙවර ලෝක ළමා දින ජාතික තේමාව “ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” යන්නයි.
ඒ අනුව අද දින (01) දින ජාතික උත්සවය ගරු අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ළමුන් හා ආරාධිත අමුත්තන් ඇතුළුව 700ක පමණ සහභාගිත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
තවද ජාතික සැමරුමට සමගාමීව ලෝක ළමා දින ජාතික සතියක් සැප්තැම්බර් 25 දින සිට ඔක්තෝම්බර් 01 දක්වා ප්‍රකාශයට පත් කිරීමට අදහස් කර තිබේ.
එම සතිය තුල ළමා ක්ෂේත්‍රයට අදාල ඍජු පාර්ශ්ව ආයතන හා ඒකාබද්ධ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට ද කටයුතු සූදානම් කර ඇත.
ළමුන් පිළිබඳ වඩාත් සංවේදී හා හිතකාමී සමාජයක් නිර්මාණය කිරීම සඳහා මෙම ලෝක ළමා දින වැඩසටහන් ක්‍රියාදාමය ඉවහල් වනු ඇත.