ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට

Report

ශ්‍රී ලංකාව අන්තර්ජාතික ළමා (හා වැඩිහිටි) දිනය සමරන අද දින එනම් මස 01 දින වේ.

මෙම දිනය ළමයින් සැමරීමේ දිනය ලෙස අද දක්වා වර්ධනය වීම හා සම්බන්ධ ඉතිහාසයක් ඇත.

එය මීට පෙර වසර 165 කට පෙර සිදුවීමකි.

මෙම දිනය සැමරීමේ පුරෝගාමියා වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ නෝර්ත්වුඩ් නිව්හැම්ප්ෂයර්හි දී උපත ලැබූ චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසිනි.ඔහු 1857 දී මානව සමාජයේ පැවැත්ම සඳහා අනාගත සමාජයට පුරවැසියන් වශයෙන් ඒකරාශී වන දරුවන් රැකගැනීම හා ඔවුන්ගේ ශුභ සිද්ධිය පිළිබඳව ලෝක ජනතාවගේ අවධානය ප්‍රථම වරට යොමු කළේ ආචාර්ය චාල්ස් එච්. ලෙනාර්ඩ් පියතුමා විසින්ය.

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට | Protect With Love Conquer The World

එම දිනය ඔහු රෝස දිනය ලෙස නම් කර තිබුණි. තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය. බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය.

ඒ අනුව ශ්‍රී ලංකාව ද අන්තර්ජාතික ලෝක ළමා දිනය වාර්ෂිකව ඔක්තෝබර් මස පළමු වැනිදා ළමයින්ගේ රැකවරණය හා ශුභ සිද්ධිය සැමරීමේ දිනය ලෙස සැමරීම සඳහා යොදා ගනු ලබයි. මෙම දිනය තවදුරටත් ශක්තිමත් වීම 1990 දී එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනයේ දී ළමා ප්‍රඥප්තිය සම්මත වීමත් සමග සිදුවිය.මේ අතීත සිදුවීම් සමඟ සෑම වර්ෂයකම ඔක්තෝම්බර් 01 වැනිදා අප ලෝක ළමා දිනය සමරයි.

මෙවර ලෝක ළමා දින තේමාව “ ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” යන්නයි. එම දිනය ඔහු රෝස දිනය ලෙස නම් කර තිබුණි. තුර්කි රජය විසින් 1920 දී ප්‍රථම වරට එය ජාතික දිනයක් ලෙස වාර්ෂිකව සැමරීම ආරම්භ විය. බටහිර රටවල් රාශියක් එය පිළිගෙන වාර්ෂිකව 1950 ජූනි 01 දා සිට ළමයින් ආරක්ෂා කිරීමේ දිනය ලෙස නම් කර වාර්ෂිකව වර්ෂයක් පාසා පැවැත්විය.එම දිනය විශ්ව ළමා දිනය ලෙස නම් කරමින් 1954 නොවැම්බර් මස 20 දා සිට වාර්ෂිකව සැමරීම සිදුවූ අතර, ඕනෑම රටකට පහසු දිනයක එම දිනය සැමරීමට හැකි බවද ප්‍රකාශයට විය.

ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට | Protect With Love Conquer The World

නමුත් ලෝකයේ දරුවන් ගැන ඇසෙන පුවත් නම් එතරම් සුබ දායක නැත.දිනෙන් දින ළමා හිංසන එවගේම පුංචි දැරිවියන් දූෂණය කිරීම් අපට අසන්නට දකින්න නිරන්ත‍රයෙන් ලැබෙයි.ළමා නිවස වල , එවගේම පරිවාස වල ,දෙමව්පියන් රට ගිය දරුවන් ආදි සමාජයේ විවිධ විදිහට දරුවන් හිංසන පීඩන වලට ගොදුරු වෙයි. තවත් ඇසෙන්නාවූ ඛේදනීයම තත්වය නම් දරුවන් මහණ කරන්නට පංසලට ලබාදුන් පසු සාමණේර නමක් විදියටත් විවිධ තාඩන පීඩානයන්ට ගොදුරු වීමයි .මේ දරුවමන් සම්බන්දව විවිධ අනපනත් පිළිබද අපට අසන්නට ලැබෙයි අලුතින් පනකෙටුම්පත් එර්න බවත් පෙනේ ඒත් ඒවා ක්‍රියාත්මක වෙනවාද යන්න ගැටළුවකි. 

 ඇතැම් දරුවන් තමන්ගේ සමීපතමයන අතින් කරදර හිංසාවයට පත් වෙයි .ගැහැණු දරුවන් ගැන ඇතැම් සංවේදී කාරණා අපට අසන්නට දකින්නට ලැබෙයි.තමන්ගේම තාත්තා,භාප්පා ආදී වූ අය නිසා දරුවන්ට සිදුවෙන්නාවූ තාඩනයන් පීඩනයක් නිරන්තරයෙන් වාර්ථා වීම කණගාටුවට කරුණකි.

දරුවන් පුංචි මල් කැකුළු මෙනි.මෙවර තේමාවත් ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට” යන්නයි. ඒ පාඨයේම අර්ථකථනය මේ පුංචි මල් කැකුළු අකාලයේ මිලින වෙන්නට නොදී ආරක්ෂා කළ යුතු බවයි. හෙට දින දිනන්නට සිටින්නේ මේ පුංචි මල් කැකුළු වන් ළමා පරපුරයි ඔවුන් ශ්‍රීලාකීය අනාගතයයි .ඒ අනාගතය විනාශ වෙන්නට නොදී ආරක්ෂා කර ගැනීම අපෙත් ඔබෙත් වගකීමයි. ඇතැම් අවස්ථාවල දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසාවෙම් දරුවන්ට වෙන හානි පිළිබද අපට ඕනෑ තරම් අසන්නට ලැබේ . ඕනෑම අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් අහන්න ඔවුන්ට වටිනම දේ අහන්න ඔවුන් කියාවි අනිවාර්‍යෙන් තමන්ගේ දරුවන් කියා.ඉතිං කප්පරක් හීන හියාගන උස්මහත් කරන දරුවාට සීරීමක් වනවාට ඔබ කැමැති නැහැ ඒ නිසා අනිවාර්‍යෙන් ඔවුන් ආරක්ෂා කර ගත යුතුව ඇත.

එහෙත් මුළු මහත් සමාජයේම මිනිසුන් එසේ සිතන්නේ නැත . සේයා සදෙව්මි පුංචි රෝස කැකුළ ඔබට මතක ඇති .ඒ අකාලයේ සිත් පිත් නැති කාමාතුරයෙක් නිසා සිදුවූ ඛේදවාචකයක්.ඉතිං හැමෝම ජීවිතේ දරුවන්ට ආදරේ කරන්නේ නැත. ඒ නිසා හොදම දෙය දරුවන් සුරක්ෂිත කර ගැනීමට කටයුතු කිරීමයි. වත්මනය වන විට ගැහැණු ළමයි පමණක් නොව පිරිමි ළමයින්ට පවා සිද්ද වෙන හිංසා පීඩනයන් අසන්නට දකින්නට ලැබේ .

ඒහෙත් අප තැනිය යුත්තේ අනාරක්ෂිත හෙටක් නොව.සුරක්ෂිත අනාගතයකි.

පිපෙන්නට වෙර දරන
මුවග කිලිටි නැති
සිනාවක් රැදුන
පුංචි ළමයි මල් වගේ ...
දස අත සුවද හමන
ඉතිං සුරකිමු අනාගතයට
.... සැවොම එක්ව... මේ මල් කැකුළු ටික.... 

නින්ද ගැන ඔබ නොදත් කතාවක්

නින්ද ගැන ඔබ නොදත් කතාවක්