මැතිවරණ නීති ගැන වඩාත් සැලකිලිමත් වෙන්න එහෙම නැති වුනොත් වෙන දේ බයානකයි..

Police spokesman Sri Lanka Sri Lanka Presidential Election 2024 Sri lanka election 2024
By Piyumika Sep 21, 2024 09:41 AM GMT
Piyumika

Piyumika

Report

මෙවර ජනාධිපතිවරණයේදී බරපතළ අයුරින් මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අනේ හැබෑට බරට බරේ උස්සන් ගියපු මලුවල පුරවන් ගිහින් තියන දෙයක්..

අනේ හැබෑට බරට බරේ උස්සන් ගියපු මලුවල පුරවන් ගිහින් තියන දෙයක්..

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සම්බන්ධව වැරදි සිදු කළ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයාගේ උපදෙස් මත මහාධිකරණය හමුවේ එලෙස නඩු පවරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ ය.

එහිදී නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ ගොනු කරන අධි චෝදනාවලට වැරදිකරුවන් වන පුද්ගලයන්ගේ ප්‍රජා අයිතිය ද අහෝසි විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

ඡන්ද විමසීම් සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක..

ඡන්ද විමසීම් සමස්තයක් ලෙස සාමකාමී වාතාවරණයක..

"යම් පුද්ගලයකු මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ කාර්යයකට අදාළව අධිකරණයකින් වරදකරුවකු බවට පත් වුවහොත් එම පුද්ගලයා පිළිබඳ පොලිස් වාර්තාවල සටහන් වෙනවා.එවැනි පුද්ගලයකු යම්කිසි අවස්ථාවක විදෙස් රටක අධ්‍යාපනයට, රැකියාවකට හෝ පදිංචියට යෑමට අයැදුම් කිරීමේදී පොලිස් වාර්තාවන් ඉල්ලා සිටිනවා.එහිදී තමයි එම පුද්ගලයා දැන ගන්නේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධියකට තමා වරදකරුවෙක් වෙලා තියෙන බව. පොලිස් වාර්තාව තුළ එම පුද්ගලයා මැතිවරණ නීති උල්ලංඝනය කරන ලද වැරදිකරුවෙක් බව පැහැදිලිව සටහන් කර තිබෙනවා. අදාළ පුද්ගලයා යෑමට බලාපොරොත්තුවන රටට එම පොලිස් වාර්තාව යොමු කළ විට මැතිවරණ නීති කඩකළ මෙවැනි පුද්ගලයෙක් තමන්ගේ රටට ඇතුළත් කරනවාද, නැද්ද යන්න පිළිබඳ දැඩි අවධානයට ලක්කරනවා. එම විදෙස් රටවල අභිමතය පරිදි සුදුසු තීරණවලට එළඹෙනවා’’

යැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ ය.