තවත් රංගන ශිල්පියෙකුගේ ජීවිත ගමන නිම වෙයි
හොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ලෙස රසික ජනතාවගේ හදවත් දිනාගත් රංගන ශිල්පී මයිකල් මැඩ්සන් ජීවිතක්ෂයට පත්ව ඇත.
ඔහු ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 66ක් විය.
ඊයේ (ජූලි 03) උදෑසන කැලිෆෝනියාවේ මැලිබු හි පිහිටි ඔහුගේ නිවසේදී මැඩ්සන්ගේ නිසල සිරුර හමුවී ඇත. හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඔහුගේ වෘත්තීය ජීවිතය 1980 දශකයේ මුල් භාගය දක්වා දිවෙන අතර, ඔහු සම්මාන 300කට අධික ප්‍රමාණයක් හිමිකරගෙන තිබුණි.
"Kill Bill" චිත්‍රපට මාලාව සහ "The Hateful Eight" චිත්‍රපට ඔහුගේ රංගන දක්ෂතාවය මනාව පෙන්නුම් කළ හැකි කෘති ලෙස හඳුනා දිය හැකි බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.