කොළඹ ආවත් ෂාරුක් ඛාන් බලන්න බෑ ..හොර ටිකට් වලට අහුවෙන්න එපා

By Hashini Jul 04, 2025 12:38 PM GMT
Report

බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් සහභාගී වන 'City of Dreams Sri Lanka' ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රවේශපත් අලෙවි නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් පැතිර යන ව්‍යාජ දැන්වීම්වලට නොරැවටෙන ලෙසත් සංවිධායකයින් මහජනතාවට දැනුම් දෙනවා.

ඔවුන් පවසන්නේ එළඹෙන අගෝස්තු මස 02 වන දින පැවැත්වීමට නියමිත මෙම උත්සවය ඉලක්ක කර ගනිමින් ඇතැම් පාර්ශව ව්‍යාජ ප්‍රවේශපත් අලෙවි කිරීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බවයි.

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

නිවේදනයක් නිකුත් කරමින් සංවිධායකයින් අවධාරණය කරන්නේ, මෙම සමාරම්භක උත්සවය විශේෂ ආරාධිතයින් සඳහා පමණක් සීමා වූවක් බවයි. ඒ අනුව, කිසිදු තෙවන පාර්ශවයකට මෙම උත්සවය සඳහා ප්‍රවේශපත් නිකුත් කිරීමට, බෙදා හැරීමට හෝ අලෙවි කිරීමට අවසර ලබා දී නොමැති බවත් ඔවුහු තරයේ ප්‍රකාශ කර සිටිනවා.

සුපිරි නළු ෂාරුක් ඛාන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවය, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් (JKH) සහ මෙල්කෝ රිසෝර්ට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් සමාගම් එක්ව ක්‍රියාවට නංවන 'City of Dreams Sri Lanka' ව්‍යාපෘතිය නිල වශයෙන් දියත් කිරීම සනිටුහන් කරයි. මෙම ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ ප්‍රථම පූර්ණ ඒකාබද්ධ සංචාරක හෝටල් සංකීර්ණය වන අතර, ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශය විසින් මෙතෙක් සිදුකරන ලද දැවැන්තම ආයෝජනයක් ලෙස ද සැලකෙනවා.

සංවිධායකයින් මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ මෙම උත්සවය පිළිබඳව නිල නොවන මූලාශ්‍ර ඔස්සේ පළවන තොරතුරු විශ්වාස කිරීමෙන් වළකින ලෙසත්, යම් ගැටලුවක් පවතින්නේ නම් 'City of Dreams Sri Lanka' හි නිල සන්නිවේදන මාර්ග ඔස්සේ පමණක් තොරතුරු විමසන ලෙසත්ය. 

කොළඹ - අවිස්සාවේල්ල පාරේ රථවාහන තදබදයක්

කොළඹ - අවිස්සාවේල්ල පාරේ රථවාහන තදබදයක්