වෛද්‍ය මහේෂිගේ ඇප සලකා බැලීමට දින දෙයි

Law and Order Doctors Sinhala news SriLanka News - Gagana
By Hashini Jul 04, 2025 12:04 PM GMT
Hashini

Hashini

Report

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියගේ ඇප ඉල්ලීම පිළිබඳව ලබන 08 වනදා කරුණු දක්වන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විත්තියේ නීතිඥවරුන්ට අද (04) නියම කරනු ලැබුවා.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් සැකකාර වෛද්‍යවරිය ඇප මත මුදාහරින ලෙස ඉල්ලා අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ සම්බන්ධව කරුණු දැක්වීම සිදු කෙරුණා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් මෙම ඇප ඉල්ලීමට විරෝධය පළ කර සිටියා.

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

තරහ වෙන්න එපා සම්මාන නම් එපා, අනුයි කනුයි එක්ක මුතුගලයි ඔෂානුයි කියන හේතුව

මහෙස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම නඩුකරය ලබන 08 වනදා කැඳවීමට නියමිතව තිබෙන බැවින් එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසය. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය උපකරණ වාර්ෂික ඇස්තමේන්තුවට ඇතුළත් නොකළ අතර, රෝගීන්ට එවැනි උපකරණ පුද්ගලික ආයතනයක් හරහා ඉහළ මිලකට ලබා ගැනීමට සැලැස්වීම මත පසුගියදා සැකකාර වෛද්‍යවරිය අත්අඩංගුවට ගනු ලැබුවා.

එමෙන්ම සැකකාර වෛද්‍යවරිය විසින් රෝගීන් කිහිපදෙනෙකු Brain-dead තත්වයේ පසු වූ විටත් ශල්‍යකර්මවලට භාජනය කර ඇති බවට චෝදනා එල්ල වනවා.

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

බිහිසුණු බස් අනතුරක් - 21 දෙනෙකුට තුවාල

ReeCha