ආනයන අපනයන ක්ෂේත්‍රයේ නියුතු අයට අලුත් ආරංචියක් - කඩදාසි ලිපිගොනු වෙනුවට ඩිජිටල් ක්‍රමයක්

Report

ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතුවලට අදාළ ලේඛන හා අනුමැතීන් ඩිජිටල් ක්‍රමවේදයක් ඔස්සේ සිදුකිරීම සඳහා නව රෙගුලාසි මාලාවක් ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2006 අංක 19 දරන විද්‍යුත් ගනුදෙනු පනත යටතේ මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

පසුගිය නොවැම්බර් 05 වැනිදා සිට ක්‍රියාත්මක මෙම රෙගුලාසි මගින් ජාතික වෙළෙඳ තනි කවුළු පද්ධතිය (National Single Window for Trade) සඳහා නීතිමය පිළිගැනීම ලබාදී තිබීම විශේෂත්වයකි.

One TRADE හරහා ලේඛන ඉදිරිපත් කිරීමේ පහසුකම් One TRADE ලෙස නම් කර ඇති මෙම ඩිජිටල් පද්ධතිය හරහා ආනයන හා අපනයන කටයුතුවලට අදාළ අයදුම්පත්, ප්‍රකාශන, ලේඛන සහ අනෙකුත් තොරතුරු විද්‍යුත් ක්‍රමයට ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවේ.

එමෙන්ම අදාළ රාජ්‍ය ආයතනවලට එම ලේඛන පරීක්ෂා කිරීම, අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කටයුතු පවතින නීතිවලට යටත්ව ඩිජිටල් ක්‍රමයට සිදුකළ හැකිය.

රාජ්‍ය සේවයට එක්වීමට බලා සිටි ඔබට සුබ ආරංචියක් - අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාගයේ ප්‍රතිඵල එළියට

රාජ්‍ය සේවයට එක්වීමට බලා සිටි ඔබට සුබ ආරංචියක් - අධිකරණ ලිපිකරු III ශ්‍රේණියේ විභාගයේ ප්‍රතිඵල එළියට

රාජ්‍ය ආයතන හයක් පද්ධතියට එක්වෙයි GovTech Sri Lanka (Pvt) Ltd සමාගම මෙම පද්ධතියේ බලයලත් මෙහෙයුම්කරු ලෙස නම් කර තිබේ.

ඒ සඳහා සහභාගි වන රාජ්‍ය ආයතන අතරට,  ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය,පොල් සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා තේ මණ්ඩලය ඇතුළු ආයතන හයක් ඇතුළත් වේ.

භාණ්ඩ වර්ගීකරණ අංක 124ක් ද ඇතුළත් අදාළ ගැසට් නිවේදනයට අනුව තේ, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු භාණ්ඩවලට අදාළ HS වර්ගීකරණ අංක 124ක් මෙම නව රෙගුලාසි යටතට ඇතුළත් කර තිබේ.

තවද One TRADE පද්ධතිය හරහා ඉදිරිපත් කරන විද්‍යුත් ලේඛන ඒවා විද්‍යුත් ස්වරූපයෙන් පවතින බව පමණක් හේතුවක් කරගෙන නීතිමය වලංගුභාවයෙන් බැහැර කළ නොහැකි බවද ගැසට් නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව මෙරට ආනයන, අපනයන සහ ප්‍රතිනැව්ගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ලේඛන කටයුතු එකම ඩිජිටල් පද්ධතියක් ඔස්සේ කළමනාකරණය කිරීමට නව රෙගුලාසි මගින් නීතිමය පදනම සකස් කර තිබේ.

අස්වැසුම දීමනා ගෙවීම් ලක්ෂ හතකට නතර කරයි? රැකියා විරහිතභාවය ඉහළ යෑමක් - මුජිබර් රහුමාන් කියන කතාව මෙන්න

අස්වැසුම දීමනා ගෙවීම් ලක්ෂ හතකට නතර කරයි? රැකියා විරහිතභාවය ඉහළ යෑමක් - මුජිබර් රහුමාන් කියන කතාව මෙන්න