"රත්තරන් ද?. නෑ නෑ මේ කැරට්.." - ඉතිහාසයේ පළවෙනි පාරට තරු පෙන්නපු කැරට්.. කීයද කියල දන්නව ද?.
Sri Lanka Food Crisis
Latest Headlines
Decision Making
By krishani
අද (17) සිල්ලර වෙළෙඳපොළේ කැරට් මිල අසීමිත ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.
අද බොහොමයක් පොදු වෙළඳ සංකීර්ණවල කැරට් කිලෝවක් රුපියල් 2,500ක මිලකට අලෙවි විය.
ඊයේ දින පළමු වරට කැරට් කිලෝවක තොග මිල රුපියල් 2,000ක් ලෙස වාර්තා විය.
අද කොළඹ මැනිං වෙළඳපොළේ කැරට් කිලෝග්‍රෑම් එකක් අලෙවි වූ තොග මිල දැක්වුණේ රුපියල් 2,000ත් 2,200ත් අතර ය.
තව ද නුගේගොඩ පොදු වෙළෙඳපොළෙන් කැරට් කිලෝවක් වාර්තා වූයේ රුපියල් 2500ක මිලකට ය.
අද නුවරඑළිය, දඹුල්ල හා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානවල කැරට් මිලෙහි යම් අඩුවක් දක්නට ලැබිණ.
කෙසේ වෙතත්, උත්සව සමයට පෙර පැවති මිලට සාපේක්ෂව එය ඉහළ අගයක් ගනී.
Sponsored By Sarrita Jewellery
