මධ්‍යම අධිවේගී මාර්ගයේ මාරක අනතුරක්
By Kanchana
මධ්‍යම අධිවේගී මාර්ගයේ 69 වැනි කිලෝමීටර කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.
මෝටර් රථයක්, ලොරියක පිටුපස ගැටීමෙන් එම අනතුර සිදු වී ඇති බව පොලීසිය සදහන් කර තිබේ.
මෙම අනතුරින් කුලියාපිටියේ පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.
තවද මෝටර් රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
මෙම අනතුර සම්බන්ධයෙන් ලොරියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.