පොලිස් ඇමති ඝාතනය වසන් කරනවා.. නාමල් කෙලින්ම ආණ්ඩුවෙන් ඉල්ලපුදේ
මහජන නියෝජිතයින්ගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයෙන් ඉල්ලා සිටියි.
මෙම අදහස් ඔහු අද (27) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබේ.
විශේෂයෙන් නගරාධිපතිවරුන්, නාගරික මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් හා මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාදිය යුතු බව ඔහු අවධාරණය කළේය.
එවගේම පසුගියදා ඝාතනය වූ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර පොලිස්පතිවරයාගෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලා සිටියද, එය ලබාදී නොතිබීම බරපතල ගැටලුවක් බව නාමල් රාජපක්ෂ පෙන්වා දුන්නේය.
පොලිස් ඇමති ආනන්ද විජේපාලගේ ප්‍රකාශ මගින් ඝාතනය වසන් කිරීමේ උත්සාහයක් ඇති බවටද ඔහු කණස්සල්ල පළ කළේය.