ජගත්ට මඩ ගැහුවට පොලිස්පතිට පාඩමක් උගන්නන්න හදන නාමල් -විපක්ෂෙනුත් උදව් ඉල්ලයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට පාතාල සබඳතා ඇති බවට මාධ්‍යට ප්‍රකාශ කළ පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට කැඳවා ඒ පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් විපක්ෂ නායක සජීත් ප්‍රේමදාස මහතාට දැනුම්දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනට තාවකාලික ආරක්ෂාවක් ලබා දී තිබුණ ද මෙම තර්ජනය ගොඩනැගී ඇත්තේ මන්ත්‍රීවරයා සංවිධානාත්මක අපරාධවලට යම් සම්බන්ධ පුද්ගලයන් සමඟ සහසම්බන්ධකම් පැවැත්වීම හේතුවෙන් බව පොලිස්පතිවරයා ඉකුත්දා ප්‍රකාශ කර තිබෙනවා.

එසේම අඳාළ තර්ජනය මතුව ඇත්තේ මහජන දේශපාලන කටයුතුවල නිරත වීමට යාම නිසා නොව, යම් යම් කූට ව්‍යාපාර සහ ජාවාරම්කාර පුද්ගලයන් සමඟ සහසම්බන්ධ වීමෙන් බව හෙළි වී ඇතැයි ද පොලිස්පතිවරයා සඳහන් කර ඇති බව සඳහන්.

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

සුදු ඇඳගෙන කළු වැඩ කරන ලොක්කෝ රැසක් ගැන පොලිස්පතිගේ කටින්ම - ජාතික දේශපාලනය බරපතළ අනතුරක

එබැවින් මහජන නියෝජිතයෙකුට මෙසේ පදනම් විරහිතව චෝදනා නැගීම පිළිබඳව තම පක්ෂය බලවත් විරෝධය පළ කරන බවද නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායකවරයා වෙත දන්වා තිබෙනවා. එසේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතික මන්ත්‍රීවරයා⁣⁣ගෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලීමක් ද කර ඇත.

ඒ මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට වහාම පක්ෂ නායක හමුවක් කැඳවන මෙන් කතානායකවරයාගෙන් ඉල්ලා සිටින ලෙසයි.

කෙසේ වෙතත් නාමල් රාජපක්ෂ මහතා දක්වන්නේ රජයේ ආරක්ෂාක අංශ ප්‍රධානියකු ලෙස මේ ආකාරයට මහජන නියෝජිතයින්ට ප්‍රසිද්ධියේ අභූත චෝදනා නැගීමෙන් පොලිස්පතිවරයා වැරදි පූර්වාදර්ශයක් සපයා ඇති බවයි.

මන්ත්‍රීලාට ආරක්ෂාව ඉල්ලා සමගී ජන බලවේගය ජිනීවා යයි

මන්ත්‍රීලාට ආරක්ෂාව ඉල්ලා සමගී ජන බලවේගය ජිනීවා යයි

පොලිස් ඇමති ඝාතනය වසන් කරනවා.. නාමල් කෙලින්ම ආණ්ඩුවෙන් ඉල්ලපුදේ

පොලිස් ඇමති ඝාතනය වසන් කරනවා.. නාමල් කෙලින්ම ආණ්ඩුවෙන් ඉල්ලපුදේ