වාහන හීනයය සහ සතුටු හිතෙන ආරංචිය...
Electric Vehicle
Sinhala news
By Akash
පෙබරවාරි මාසයේ සිට භාවිත කළ සහ නව වාහන 9,151 කට වැඩි ප්‍රමාණයක් හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා මෙරටට ආනයනය කර තිබෙනවා.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය නිවේදනය කළේ, වාහන නිශ්කාෂන ක්‍රියාවලිය වේගවත් කිරීම වෙනුවෙන් නව ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.
ඒ අනුව රේගු විධිවිධාන නිසි පරිදි සම්පූර්ණ කර ඇති වාහන සදහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර පැය 24 ක් ඇතුලත නිෂ්කාශනය කිරීමේ පහසුකම් සපයා දි තිබෙනවා.
එමෙන්ම, කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීම සදහා ලිපි කටයුතු මධ්‍යස්ථාන සතියේ දිනවල රාත්‍රී 8.30 දක්වාත්, සෙනසුරාදා දිනවල පස්වරු 01.00 දක්වාත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය ප්‍රකාශ කළා.
