නව පනතකට කැබිනෙට්ටුවෙන් අනුමැතිය
ආයෝජන ආරක්ෂණය වෙනුවෙන් නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව ඇත. ඒ අනුව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර තිබෙනවා.
ව්‍යවසායයන් සහ දේපොළ ඇතුළු පුද්ගලික දේපොළ අත්තනෝමතික ආකාරයට ජනසතු කිරීම වැළැක්වීම, ඵලදායී විකල්ප ආරවුල් විසඳීමේ යාන්ත්‍රණයක් වශයෙන් ආයෝජන ආරක්ෂණ මණ්ඩලයක් ස්ථාපිත කිරීම සහ ආයෝජකයින් වෙනුවෙන් ප්‍රතිපත්ති ස්ථාවරත්වය සහ පුරෝකථනය කිරීමේ හැකියාව සහතික කිරීම යන අරමුණු ළඟා කරගැනීමට නව පනතක් හඳුන්වා දීම 2025 අයවැය මඟින් යෝජනා කර තිබුණා.
එබැවින් රජය සඳහන් කළේ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා සංකල්ප පත්‍රිකාවක් පිළියෙල කිරීමට නිලධාරි කමිටුවක් පත් කරනු ලැබ ඇති බවයි.
අඳාළ කමිටුව මඟින් සකස් කරනු ලැබ ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත්කළ යෝජනාව මෙසේ අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කර ඇත.