වායු ගුණාත්මකභාවය අඩු වීමක් මෙන්න නවතම අනාවරණය

Report

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල වායු ගෝලයේ ගුණාත්මකභාවයේ පහළයාමක් නිරීක්ෂණය වූ බව මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා සදහන් කර තිබේ .

මෙහිදී ඒ මහතා ප්‍රකාශ කළේ ඊයේ (18) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර සහ දකුණ යන පළාත්වල මෙන්ම රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ද මෙම අගය 150ත් 200ත් අතර අගයක පවතින බවයි.

තවද එතුමා වැඩි දුරටත් සදහන් කළේ එය තරමක අහිතකර තත්ත්වයක් වන බව  වේ. 

ඒ වගේම මෙම තත්ත්වය ඉදිරි දින 02 තුළ පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවත් එතුමා සදහන් කර ඇත .

තවද ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ අන්තර් දේශසීමා අතර සිදුවන වාතයේ සංසරණය හේතුවෙන් මෙම තත්ත්වය ඇති වන බවයි .

ඒ වගේම මෙසේ වායු ගුණාත්මකභාවය පහළයාම සංවේදී පුද්ගලයින්ට අහිතකර තත්ත්වයක් විය හැකි අතර හුස්මගැනීමේ අපසුතාවයක් හෝ යම් ආසාත්මිකතාවයක් ඇති වුවහොත් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස එතුමා සදහන් කරයි.

මධ්‍යම පරිසර අධිකාරි‍යේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන මහතා තව දුරටත් සදහන් කළේ මේ අයුරින් වායු ගුණාත්මකභාවය පහළ යාම සදහා මිනිස් ක්‍රියාකාරකම් ද බලපාන බවයි .

ඒ වගේම එතුමා ජනතාවගෙන් ඉල්ලිමක් කළේ විශේෂයෙන් ගිනිතැබීම්, වාහනවලින් පිටවන දුමාරය ආදිය මේ සඳහා හේතුවන බවත් ප්ලාස්ටික්, පොලිතීන් වැනි ද්‍රව්‍ය පිලිස්සීමෙන් වළකින ලෙසයි.

මධ්‍යම පරිසර අධිකාරිය රටෙහි වායු තත්ත්ව දර්ශකය එසේත් නොමැති නම් වායු ගෝලයේ ගුණාත්මකභාවය පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් කටයුතු කරන බව අජිත් ගුණවර්ධන මහතා සදහන් කර ඇත.