ලංකාවට ලුණු ආනයනයට කැබිනට් අනුමැතිය.

Sri Lanka Cabinet Government Of Sri Lanka Nalinda Jayatissa
By Wayomi Dec 19, 2024 06:22 AM GMT
Wayomi

Wayomi

Report

අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක උපරිමයකට යටත්ව, 2025-01-31 දින හෝ ඊට පෙර සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ, අනුව එම ලුණු තොගය සීමාසහිත ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව මඟින් ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මඟින් වෙළෙඳපොළට සැපයීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ලුණු නිෂ්පාදනය රටේ ගෘහ හා කාර්මික අවශ්‍යතා සඳහා පවතින ඉල්ලුම සපුරාලීම සඳහා ප්‍රමාණවත් වන අතර, ලුණු අස්වැන්න කාලගුණික තත්ත්වයන් මත රඳා පවතී.

බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)

බැංකු ණය ගත්ත අයට 2025 දෙසැම්බර් 12 මොකද වෙන්නේ? - පරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ සැලැස්ම ජනපති හෙළි කරයි. - (VIDEO)

රට තුළ පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2025 වසරේ පළමු කාර්තුවේදී දේශීය වෙළෙඳපොළේ ගෘහ සහ කර්මාන්ත අවශ්‍යතා සඳහා වන ලුණු සැපයීමේ හිඟයක් ඇති විය හැකි බවට නිරීක්ෂණය වී ඇති අතර ඒ සඳහා පිළියමක් ලෙස සකස් කර වෙළෙඳ පොළට සැපයීම පිණිස පවතින තීරු බදු අනුපාතය අනුව අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන ලෙස ලුණු නිෂ්පාදකයින් විසින් ඉල්ලිමක් ඉදිරිපත් කර ඇත.

ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාන්‍යවරයා සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්. - පාසල් සිසුන්ට දීමනාව ලබදෙන්නේ මෙන්න මේ විදිහට.


You May Like This Video

  

ReeCha