බන්ධනාගාරයක එකවරම කළ හදිසි සෝදිසියක දී හමු වුණ කවුරුත් නොහිතපු දෙය..
Sri Lanka Police
Sri Lanka
Department of Prisons Sri Lanka
Prisons in Sri Lanka
Prison
By krishani
ඊයේ (28) පස්වරුවේ පැරණි බූස්ස බන්ධනාගාරයේ 'ඒ' හා 'ඩී' වාට්ටු තුළ හදිසි සෝදිසි කිරීමක් සිදු කර තිබෙනවා.
එහිදී ජංගම දුරකථන ඇතුළු උපාංග කිහිපයක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.
එනම් ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබු ජංගම දුරකථන දෙකක්, සිම් කාඩ් පත් දෙකක්, පිටත ආවරණය ඉවත් කරන ලද දුරකථන චාර්ජර් 02ක් පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් සොයාගෙන ඇත.
කෙසේ වෙතත්, එම දුරකථන සහ උපාංග ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරීවරයාගේ කාර්යාලය වෙත භාර දී තිබෙනවා.
