බස් රථයක් ත්‍රිවීලයක ගැටෙයි - මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටෙයි.. 13ක් වහාම රෝහල්ගත කෙරේ..
Sri Lanka Police
Sri Lanka
Hospitals in Sri Lanka
Accident
By krishani
බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.
මෙලෙස ගැටී ඇත්තේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් ය.
ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී ඇත.
එම සිදු වූ අනතුරින් පුද්ගලයින් 13 දෙනෙකු පමණ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ මොහොතේ බස් රථයේ මගීන් 60ක් පමණ ගමන් කර තිබෙනවා.
තුවාල කරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.
කෙසේ වෙතත්, ත්‍රිරෝද රථය අසල විහාරයකට යමින් සිටිය දී මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.
