ටිකට් නොදෙන බස් වලට වැඩ වරදී
Sri Lanka
By Sewvandhi
ප්‍රවේශ පත්‍ර නිකුත් නොකරන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ පිලිබඳ පැමිණිලි කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
ලංගමය පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව සේවකයන් වංචා කිරීම බවත්,එම වංචා පාලනය කිරීමට විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බවත් එතුමා පවසනවා.
එසේම අය විය යුතු ආදායමෙන් කොටසක් රියදුරන් හා කොන්දොස්තර මහතුන් අතර බෙදා ගැනීම දිනපතා සිදු වන ක්‍රියාවලියක් බවත්,එයින් දිනකට ලැබිය යුතු ලක්ෂ 100ක පමණ මුදලක් අහිමිවන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
