හෙට බස් ධාවනය නවතීද..? බස් රථ සංගමය ගත් තීරණය
Sri Lanka Bus Strike
By Sithumi
හෙට (05) දිනයේදී බස්රථ සඳහා ඉන්ධන නොලැබුණහොත් එම මාර්ගවලට අයත් බස් රථ ධාවනයෙන් ඉවත්වන බව ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියි.
මේ වන විටත් එක් මාර්ගයක ධාවනය කෙරෙන්නේ බස් රථ කිහිපයක් පමණක් බවත් ඉන්ධන ලබාගත් බොහෝ අවස්ථාවල සතියටම ධාවනය කිරීමට හැකියාව ඇත්තේ දින දෙකක් පමණක් බවත් ඔහු පැවසීය. ඒ අනුව ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ පෞද්ගලික බස් රථ ධාවනය සඳහා ඉන්ධන ලීටර් 40ක් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
පවතින ගැටලු සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථා කිහිපයකදී උත්සාහ කළත් එය ව්‍යර්ථ වූ බවද ඔහු පැවසීය.
එමෙන්ම අවම බස් ගාස්තුව රුපියල් 34ක් ලෙස අඩුකිරීම මේ අවස්ථාවේදී සුදුසු නොවන බවද ලංකා පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා විශේෂයෙන්ම සඳහන් කළේය.