තව සති 02ක කින් බස්වල යන්න පුලුවන් මේ අයට පමණයි...

Sri Lanka Bus Western province Vaccines card
By Aruna Sep 15, 2021 02:06 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව ලබන මාසයේ සිට බස්නාහිර පළාතේ බස් රථවල ගමනාගමනයට අවසර නොදෙන බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පවසනවා.

මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂකවරුන් මගින් එන්නත් කාඩ්පත් පරීක්ෂා කරවීම් නිරන්තරයෙන් සිදුකිරිමට අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියාමනය යටතේ පෞද්ගලික බස් රථ 6,200ක් පමණ ධාවනය වන අතර බස් සේවකයින් ද කොවිඩ් එන්නත ලබාගෙන තිබීම අනිවාර්ය කර තිබෙනවා.

කාඩ්පත පරීක්ෂා කර මගීන් බසයට ඇතුළත් කර ගැනීමේ වගකීම කොන්දොස්තරවරයාට පැවරෙන බවද සභාපතිවරයා සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now