හෙට සිට පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වන්නේ මෙහෙමයි
හෙට (ඔක්. 1) සිට රට විවෘත කළ පසු පළාත් අතර බස් හෝ දුම්රිය පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියායාත්මක නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. රට විවෘත කළ පසු පොදු ප්‍රවාහන සේවා කටයුතු සිදු වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
"පළමු වන දා රට විවෘත කිරීමත් සමග පළාත් අතර සංචරණ සීමා දිගට ම පවත්වාගෙන යන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ අනුව සති 2කට පමණක් පළාත් අතර පොදු ප්‍රවාහනය ක්‍රියාත්මක වෙන්නේ නෑ. බස් රථවත්, දුම්රියවත්. ඒ වගේ ම පළාත ඇතුළේ දුම්රිය ධාවනය නොකරන්න කියලා අපිට උපදෙස් ලැබිලා තියෙනවා. ඒකට හේතුව තමයි දුම්රියවල ඉඳගෙන යන ආසන ගණනට වඩා මගීන් හිටගෙන යාම නිසා මේ වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම වැඩියි කියන කාරණය තමයි අපිට සෞඛ්‍ය අංශ පැහැදිලි කරලා දෙන්නේ."
කෙසේ වෙතත් පළාත් තුළ පොදු ප්‍රවාහන බස් රථ සුපුරුදු පරිදි ධාවනය කෙරෙන බව ද දුම්රිය මගින් රාජකාරි කටයුතු සඳහා ගමන් කරන මගීන් සඳහා අවශ්‍ය පොදු ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් ද ඔහු මෙලෙස පැහැදිලි කිරීමක් සිදු කළේය.
"ඒ කෙසේ වෙතත් පළාත් තුළ ධාවනය වන ලංගම සහ පෞද්ගලික බස් රථ සුපුරුදු පරිදි අපි ධාවනය කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙවේ, විශේෂයෙන් ම බස්නාහිර පළාත වගේ දුම්රියෙන් වැඩි මගීන් ප්‍රමාණයක් රාජකාරි සඳහා යන පළාත්වල බසි රථ සේවාවන් වැඩි කරන්න කටයුතු කරගෙන යනවා. ඒ වගේ ම පළාත් අධිකාරීවලට අයත් බස් රථ ධාවනය වනවා.
ජාතික ගමනාගමන කොමිසමට අයත් බස් රථවලටත් ඒ පළාත් සීමාවන් දක්වා ධාවනය කරන්න අවසර ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. ආසන ගාණට පමණමයි මගීන් ප්‍රවාහනය කළ යුත්තේ. ආසනගත මගීන් ප්‍රවාහනය කරන බස් රථ අත්අඩංගුවට ගෙන නැවත දැනුම් දෙන තුරු පොලිසිය සන්තකයේ තබාගන්න කියලා ඊයේ දිනයේ උපදෙස් ලබාදුන්නේ. අධිවේගී මාර්ගයේ ඒ ආකාරයට ම ක්‍රියාත්මක වෙනවා."
අමාත්‍යවරයා අවධාරණය කළේ, පළාත් අතර ගමන් කිරීම තවදුරටත් සිදු නොකළ යුතු බවය.
"කවුරුහරි පළාත් අතර යනවා නම් පහුගිය කාලේ අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය මේ සති 2 තුළ අනුගමනය කරන්නේ නෑ කියලා තමා අපිට දැනුම් දුන්නේ. පළාත් 2ක් අතර යනවා නම් අත්‍යවශ්‍ය සේවා සඳහා විය යුතුයි, යන කාරණය මාර්ග බාධකවල සිටින පොලිස් නිලධාරීන්ට පැහැදිලි කළ යුතු වෙනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
